අජිත් නිවාඩ් කබ්රාල්

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

අජිත් නිවාඩ් කබ්රාල් යනු ශ්‍රී ලංකාවේ 16 වන මහ බැංකු අධිපතිවරයා ය (රූපය 1).[1][2] ඔහු මීට පෙර මෙම තනතුර සඳහා 2006 ජූලි සහ 2010 ජූලි යන අවස්ථා දෙකකදී පත් කරන ලදී.[3]

ඔහු 2020 අගෝස්තු 12 සිට 2021 සැප්තැම්බර් 13 දක්වා මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේය.[2][4] ඔහු, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ දේශපාලන පක්ෂ දෙකෙන් එකක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන් වූ නව දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (SLPP) ආරම්භක සාමාජිකයෙකි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2020 අගෝස්තු මාසයේ පැවැති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර වර්තමාන රජය පිහිටුවමින් මේ දක්වා වන ශ්‍රී ලංකාවේ පාලක පක්ෂය බවට පත්විය.[5]

1954 දෙසැම්බර් 14 දින උපත ලැබූ කබ්රාල් කොළඹ ශාන්ත පීතර විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අතර වෘත්තියෙන් වරලත් ගණකාධිකාරිවරයෙකි. .[5][6] ඔහු රෝෂිනි කබ්රාල් සමඟ විවාහ වී සිටින අතර පුතුන් දෙදෙනෙකුගේ පියෙකි. [7][8]

රූපය 1: අජිත් නිවාඩ් කබ්රාල්. මූලාශ්‍රය: මුදල් අමාත්‍යංශය[2]

දරන ලද දේශපාලනික /රජයේ තනතුරු

  • ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති - 2006 ජූලි 1 සිට 2010 ජූනි 30 දක්වා; 2010 ජූලි 1 සිට 2016 ජූනි 30 දක්වා; 2021 සැප්තැම්බර් 15 සිට 2022 අප්‍රේල් 4 දක්වා[3][1][9]
  • ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී - 2020 අගෝස්තු 20 සිට 2021 සැප්තැම්බර් 13 දක්වා[10][11]
  • මුදල් සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය – 2020 අගෝස්තු 12 සිට 2021 සැප්තැම්බර් 13 දක්වා[2][4]
  • සාමාජික, ‘අපි වෙනුවෙන් අපි’ අරමුදල (ශ්‍රී ලංකා යුද හමුදා සෙබළුන්ගේ සුභසාධනය සඳහා රජය විසින් කළමනාකරණය කරන ලද අරමුදලක්) - ජනවාරි 2020 [12]
  • ආර්ථික කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක - 2006 ජූලි සිට 2015 ජනවාරි දක්වා [2][6][13]
  • ලේකම්, සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය- 2005 සිට 2015 දක්වා [6][2][12]
  • සභාපති, මුදල් මණ්ඩලය- 2006 [14]
  • සාමාජික, උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ මණ්ඩලය [2][7][6]
  • සාමාජික, දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) සමඟ සාම සාකච්ඡා කළ රජයේ කණ්ඩායම - 2006 පෙබරවාරි [2]

දරන ලද වෙනත් තනතුරු

  • විකල්ප අධිපති, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල - 2006 සිට 2015 දක්වා [15]
  • සභාපති, අග්නිදිග ආසියානු මධ්‍යම බැංකු (SEACEN) පාලක මණ්ඩලය - 2006 සිට 2015 දක්වා [15]
  • සභාපති, සාර්ක් මහ බැංකු අධිපති සංසදය - 2006 සිට 2015 දක්වා [15]
  • සභාපති, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය [2][7]
  • සභාපති, දකුණු ආසියානු ගණකාධිකාරී සම්මේලනය [2][7]
  • සභාපති, ශාන්ත පීතර විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය - 1997 සිට 1999 සහ 2019 [2]
  • සභාපති, ශ්‍රී ලංකා ව්‍යාපාර ප්‍රතිසාධනය සහ බංකොලොත්භාවය පිළිබඳ වෘත්තිකයින්ගේ සංගමය [7][16]
  • ආරම්භක සභාපති, ආයතනික පාලන කමිටුව [7][16]
  • සභා සාමාජික, ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනය [7][6][17]
  • සභා සාමාජික, කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය [7][6][17]
  • සභා සාමාජික, මොරටුව විශ්ව විද්‍යාලය[7][6][17]
  • සාමාජික, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව [7][6][17]
  • සාමාජික, ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති අධීක්ෂණ මණ්ඩලය [7][6][17]

දුම්කොළ කර්මාන්තය සමග සම්බන්ධතා

කබ්රාල් උපදේශක සමූහය යනු “ව්‍යාපාර පුනර්ජීවනය සහ බිඳ වැටීම්, සැලසුම් කිරීම සහ ආයතනික පාලනය” සඳහා කටයුතු කරන 2005 වසර දක්වා කබ්රාල්ගේ නායකත්වයෙන් යුත් කළමනාකරණ උපදේශක ආයතනයකි. [13] ලංකා දුම්කොළ සමාගම (CTC), සිය සේවාදායකයෙකු ලෙස ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇත (රූපය 2). [18] ශ්‍රී ලංකාවේ සිගරට් නිෂ්පාදනය හා අලෙවියේ ඒකාධිකාරය දරන ලංකා දුම්කොළ සමාගම (CTC), බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) අනුබද්ධ ආයතනයකි.

රූපය 2: ලංකා දුම්කොළ සමාගම (CTC), තම සේවාදායකයෙකු ලෙස කබ්රාල් උපදේශක සමූහය සඳහන් කිරීම. මූලාශ්‍රය: කබ්රාල් උපදේශක සමූහය[18]

දුම්කොළ ආශ්‍රිත ක්‍රියාකාරකම්

සිගරට් තොග ගබඩා කිරීමේ ගැටළුවට ලංකා බැංකුවේ ඇති සම්බන්ධතාවය පිළිබඳ ප්‍රතිචාර දැක්වීම

බදු වැඩි කිරීමට හා මිල ඉහළ නැංවීමට පෙර සිගරට් තොග ගබඩා කිරීම සඳහා ඩී. එස්. ගුණසේකර පුද්ගලික සමාගමට ණයක් අනුමත කිරීම සම්බන්ධයෙන් 2020 දෙසැම්බර් මාසයේදී ලංකා බැංකුව (BOC) වෙත චෝදනා එල්ල විය. අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකුගේ විරෝධය මධ්‍යයේ ලංකා බැංකුවේ මූලස්ථානයේ අනුමැතිය ලැබීමෙන් පසු 2020 සැප්තැම්බර් මාසයේදී රුපියල් මිලියන 3,150 ක් වන ණය මුදල BOC කටුවන ශාඛාව හරහා ලබා දෙන ලදී (රූපය 3). වැඩි විස්තර සඳහා කරුණාකර ලංකා බැංකුව සහ සිගරට් තොග ගබඩා කිරීමේ ගැටළුව අපගේ පිටුවට පිවිසෙන්න.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ සම්බන්ධයෙන් 2021 පෙබරවාරි 9 වන දින පාර්ලිමේන්තුවේදී එවකට මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්ගෙන් ප්‍රශ්න කළේය.[19] රජයේ බදු මග හැර ලාභ උපයා ගැනීම සඳහා සිගරට් තොග ගබඩා කිරීමට අපේක්ෂා කරන සමාගමකට ණයක් ලබා ගැනීම අනුමත කිරීම ලංකා බැංකුවේ මූලධර්මවලට අනුකූලදැයි ඔහු ප්‍රශ්න කළේය.[20] මෙම ණය මුදල ලබා දීමේ දී ලංකා බැංකුවේ සුපුරුදු ක්‍රියා පටිපාටියෙන් ඔබ්බට ගොස් නැති බවට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය කබ්රාල් ලංකා බැංකුවේ ක්‍රියාව සාධාරණීකරණය කළේය. ණය පියවීමෙන් පසු මෙම සිගරට් තොගය ඩී. එස්. ගුණසේකර සමාගම වෙත මුදා හැර ඇති බවත්, මෙම ගනුදෙනුව හේතුවෙන් ලංකා බැංකුව (BOC) රුපියල් මිලියන 31.3 ක් උපයා ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. [21]

උත්සව වලට සහභාගී වීම

ඉන්දියානු දුම්කොළ සමාගම සිදු කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර ව්‍යාපාරය වන ITC වන් (ITC One) ඉදි කිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවයට කබ්රාල් සහභාගී විය (රූපය 3). බැසිල් රාජපක්ෂ (ආර්ථික සංවර්ධන අමාත්‍ය), Y.K. සිංහා (ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්), Y.C. දේවේශ්වර් (ITC ලිමිටඩ් හි සභාපති), ලක්ෂ්මන් යාපා අබේවර්ධන (ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය), A.J.M. මුසම්මිල් (කොළඹ නගරාධිපති) සහ දයා රත්නායක (යුධ හමුදාපති) යන අය ද මෙම අවස්ථාවට සහභාගී විය.[22][23]

රූපය 3: ITC වන් (ITC One) සඳහා මුල් ගල් තැබීමේ උත්සවය මාධ්‍ය වාර්තා කිරීම. මූලාශ්‍රය: News.lk[23]

Tobacco Unmasked සම්පත්

මූලාශ්‍ර

  1. 1.0 1.1 Z. Farzan. Ajith Nivard Cabraal appointed as CBSL Governor, Newsfirst.lk, 13 September 2021, accessed September 2021
  2. 2.00 2.01 2.02 2.03 2.04 2.05 2.06 2.07 2.08 2.09 2.10 Ministry of Finance. Hon. Ajith Nivard Cabraal- State Minister of Money & Capital Market and State Enterprise Reforms, 2017, accessed September 2021
  3. 3.0 3.1 Central Bank of Sri Lanka. Press Release, 9 January 2015, accessed September 2021
  4. 4.0 4.1 Ministry of Finance, Economic Stabilization and National Policies. History, 2020, accessed February 2024
  5. 5.0 5.1 Parliament of Sri Lanka. Hon. Ajith Nivard Cabraal, M.P., Undated, accessed September 2021
  6. 6.0 6.1 6.2 6.3 6.4 6.5 6.6 6.7 6.8 Central Bank of Sri Lanka. Ajith Nivard Cabraal, 2018, accessed September 2021
  7. 7.00 7.01 7.02 7.03 7.04 7.05 7.06 7.07 7.08 7.09 7.10 CelebsAgeWiki.com. Ajith Nivard Cabraal, 2020, accessed September 2021
  8. Sri Lanka Mirror. Cabraal refutes claims of his children arriving at SL, 5 May 2020, accessed September 2021
  9. Central Bank of Sri Lanka. Ajith Nivard Cabraal, undated, accessed February 2024
  10. Manthri.lk. Ajith Nivard Cabraal, 2020, accessed September 2021
  11. Hiru News. State Minister Cabraal to Handover the letter of resignation today, 13 September 2021, accessed January 2024
  12. 12.0 12.1 themorning.lk. Cabraal appointed board member of ‘Api Venuwen Api’ fund, 21 January 2020, accessed September 2021
  13. 13.0 13.1 The morning.lk. Cabraal and family links uncovered, 18 February 2018, accessed September 2021
  14. Financial Chronicle. Who is Ajith Nivard Cabraal, 2 October 2019, accessed September 2021
  15. 15.0 15.1 15.2 Sri Lanka Investment Forum 2021. Biography, 2021, accessed September 2021
  16. 16.0 16.1 adaderana.lk. Ajith Nivard Cabraal to step down from his post, 9 January 2015, accessed September 2021
  17. 17.0 17.1 17.2 17.3 17.4 Cabraal Consulting. Our team, undated, accessed September 2021
  18. 18.0 18.1 Cabral Consulting. Our Clients, undated, accessed September 2021
  19. Parliament of Sri Lanka. Parliamentary Debates (Hansard), 9 February 2021, accessed September 2021
  20. Newsfirst.lk. BOC generates millions by offering massive loan for cigarette imports : Cabraal, 9 February 2021, accessed September 2021
  21. Y. Perera, A. Siriwardana. Providing Rs. 3.1 billion loan to D.S. Gunasekera Pvt. Ltd., ‘BOC adhered to usual procedures, 10 February 2021, accessed September 2021
  22. ITC. Ground Breaking Ceremony of ITC Colombo One, 19 November 2014, accessed September 2021
  23. 23.0 23.1 News.lk. [https://web.archive.org/web/20210921070453/https://www.news.lk/news/item/4530-ground-breaking-ceremony-of-itc-colombo-one Ground Breaking Ceremony of ITC Colombo One, 21 November 2014, accessed September 2021