ඉන්දියාවේ ITC ලිමිටඩ්

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

ITC ලිමිටඩ් (ITC), ඉන්දියාවේ ප්‍රධාන සිගරට් නිෂ්පාදකයා වන අතර කොල්කටා හි එහි මූලස්ථානය පිහිටා ඇත.[1][2] ඉන්සිග්නියා, ඉන්දියා කිංග්ස්, ලකී ස්ට්‍රයික්, ක්ලැසික්, ගෝල්ඩ් ෆ්ලේක්, නේවි කට්, ප්ලේයර්ස්, කැප්ස්ටන්, බ්‍රිස්ටල්, ෆ්ලේක්, සිල්ක් කට්, ඩියුක් සහ රෝයල් යන ඒවා ITC හි බහුලව අලෙවි වන සිගරට් සහ සුරුට්ටු වෙළඳ නාම අතර වේ.[2] 2016 වසරේ දී සමාගමේ දළ ආදායමෙන් 62%ක් සිගරට් මගින් උපයන ලදී.[3][4]

බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) අනුබද්ධිත ආයතනයක් ලෙස 1910 දී පිහිටුවන ලද ITC, ප්‍රථමයෙන් Imperial Tobacco Company of India Limited (සීමාසහිත ඉන්දීය ඉම්පීරියල් දුම්කොළ සමාගම) ලෙස නම් කරන ලද අතර එය "ITC" ලෙස කෙටියෙන් සඳහන් වේ. India Tobacco Company Limited (සීමාසහිත ඉන්දියා දුම්කොළ සමාගම) (1970), අයි.ටී.සී. ලිමිටඩ් (1974) සහ ITC ලිමිටඩ් (2001) යනුවෙන් එහි නම වෙනස්කම් කිහිපයකට භාජනය විය. අවසාන නම වෙනස් කිරීම "සිගරට් ටැගය පැතිරවීම සදහා" යැයි වාර්තා වේ.[4]

සමාගමේ බහු-ව්‍යාපාර සමුහයට පහත ඒවා ඇතුළත් වේ.[5][6]

රූපය 1: බැසිල් රාජපක්ෂ (ආර්ථික සංවර්ධන අමාත්‍ය), Y K සිංහා (ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්), Y C දේවේශ්වර් (සභාපති, ITC ලිමිටඩ්), ලක්ෂ්මන් යාපා අබේවර්ධන (ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය), ඒ.ජේ.එම්. මුසම්මිල් (කොළඹ නගරාධිපති), අජිත් නිවාඩ් කබ්රාල් (ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති) සහ දයා රත්නායක (යුද හමුදාපති) යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ ITC කලම්බෝ මුල්ගල තැබීමේ උත්සවය.[7]
  • ආගන්තුක සත්කාර - සුඛෝපභෝගී හෝටල් දාමයක් වන ITC හෝටල්, එහි පූර්ණ අනුබද්ධිත වෙල්කම් හොටෙල්ස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර ව්‍යාපාරය ආරම්භ කරන ලදී (රූපය 1).[10][5][11][7]දුම්කොළ කර්මාන්තය, එහි ව්‍යාපාර ආගන්තුක සත්කාර කර්මාන්තය සමඟ ඒකාබද්ධ කිරීමේ අදාළත්වය කියවීමට ආගන්තුක සත්කාර කර්මාන්තය දුම්කොළ පාලන ප්‍රතිපත්තිවලට එරෙහිව හැසිරවීම පිටුව බලන්න.
  • තොරතුරු තාක්ෂණය - 2000 දී පිහිටුවන ලද ITC ඉන්ෆොටෙක් ඉන්ඩියා ලිමිටඩ් "ගෝලීය පාරිභෝගිකයන්" වෙත පිටත ස්ථානයවලදී බාහිර මූලාශ්‍රවලින් සේවා සපයයි.[5] 2017 වසරේ දී තොරතුරු තාක්ෂණ ව්‍යාපාරය සඳහා හවුල්කාර සංවිධාන ලැයිස්තුව ඔවුන්ගේ වෙබ් අඩවියෙන් සොයාගත හැකිය.

ආයෝජකයින්

ITC හි ප්‍රධාන ආයෝජකයින් දෙදෙනා වන්නේ ඉන්දීය රජය සහ බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) ය. 2017 වන විට, BAT එහි අනුබද්ධිත සමාගම වන Tobacco Manufacturers (India) Limited හරහා 24.68% ක් දැරුවේය.[16] මාධ්‍යවලට අනුව BAT අවස්ථා කිහිපයකදී ITC හි කොටස් වැඩිකර ගැනීමට උත්සාහ කළ ද ඒවා අසාර්ථක විය. [17][18][19]

දෙවන විශාලතම (14.35%) කොටස් හිමියා වූයේ ඉන්දියානු රජය සතු රක්ෂණ සමාගම වන Life Insurance Corporation ය. ITC හි හොඳම ආයෝජකයින් 10 අතර තවත් රජය සතු රක්ෂණ සමාගම් හතරක් (General Insurance Corporation of India, The New India Assurance Company Limited, The Oriental Insurance Company Limited සහ National Insurance Company Limited) ඇත.[16] මේ අනුව, 2017 වන විට, ITC කොටස් වලින් 31% ක් පමණ ඉන්දීය රජය සතු විය. කර්මාන්තයේ "විශාලතම ආයෝජකයා" වන අතරම දුම්කොළ පාලනය කිරීමට දරන උත්සාහයේ "උත්ප්‍රාසය" සඳහා ඉන්දීය රජය විවේචනයට ලක්වෙමින් පවතී.[20][21]

පාලක මණ්ඩලය

ITC පාලනය කරනු ලබන්නේ විධායක නොවන සභාපතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් අධ්‍යක්ෂ මණ්ඩලයක් මගිනි. 2017 දී, BAT නියෝජිත ඩේවිඩ් රොබට් සිම්ප්සන් හැර මණ්ඩලයට ඇතුළත් අනෙකුත් සියලුම දෙනා ඉන්දියානුවන් විය.[22] ITC හි අධ්‍යක්ෂ මණ්ඩලයේ සම්පූර්ණ ලැයිස්තුවක් ඔවුන්ගේ වෙබ් අඩවියෙන් ලබා ගත හැක. 2017 දී, ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දීය මහ කොමසාරිස්වරිය (2004-2006) වූ නිරුපමා රාඕ ද විධායක නොවන අධ්‍යක්ෂවරියක් ලෙස ලැයිස්තුවට ඇතුළත් විය.[22][23]

විදේශීය දුම්කොළ අනුබද්ධ ආයතන

BAT සමග හවුල්කාරිත්වයෙන් ITC සතුව සූර්ය නේපාල පුද්ගලික සමාගම (සූර්ය නේපාල්) නමින් නේපාලයේ දුම්කොළ සමාගමක් ඇත. [5][24]

මතභේදාත්මක ක්‍රියාකාරකම්

සිගරට් කර්මාන්තශාලා තාවකාලිකව වසා දැමීම

2017 වන විට, ITC විසින් ඔවුන්ගේ සිගරට් කර්මාන්තශාලා දෙවරක් වසා දමන ලදී. මෙය පහත විස්තර කර ඇති පරිදි සිගරට් ඇසුරුම්වල රූපමය සෞඛ්‍ය අවවාද (PHWs) ක්‍රියාත්මක කිරීමට රජය ගෙන ඇති පියවරයන්ට ප්‍රතිචාරයක් ලෙස සිදු විය.

  • 2010 දෙසැම්බර් - 2010 දෙසැම්බර් 1 වැනිදා සිට දුම්කොළ ඇසුරුම්වල රූපමය සෞඛ්‍ය අවවාද ප්‍රදර්ශනය, ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජය සැලසුම් කළේය. ඉන්දියාවේ ප්‍රමුඛතම සිගරට් නිෂ්පාදකයින් දෙදෙනා වන ITC සහ ගොඩ්ෆ්‍රි පිලිප්ස් ඉන්ඩියා ලිමිටඩ්, එය ක්‍රියාත්මක කිරීමට නියමිත දින සිට මාසයකට සිගරට් නිෂ්පාදනය නතර කළේ ඇතුළත් කළ යුතු රූපමය අවවාද පිළිබඳ පැහැදිලි උපදෙස් තමන්ට නොලැබුණු බව පවසමිනි. [25][26][27]

සෞඛ්‍ය සේවා සඳහා සම්බන්ධ වීම

2017 දී, ITC විසින් ඉන්දියාවේ බහු-විශේෂිත රෝහල් පිහිටුවීමේ අරමුණින් සෞඛ්‍ය සේවා වෙත පිවිසීමට තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කළේය.[30][31][32]

සිගරට් වෙළඳ නාම මත පදනම්ව ඇඟලුම් සන්නාම ස්ථාපිත කිරීම

රූපය 2: සිගරට් වෙළඳ නාම මත පදනම් වූ ITC ඇඟලුම් දාම දෙකේ ලාංඡන[33]

පහත විස්තර කර ඇති පරිදි BAT සිගරට් වෙළඳ නාම මත පදනම් ව ITC විසින් ප්‍රධාන ඇඟලුම් දාම දෙකක් ස්ථාපිත කරන ලදී (රූපය 2).[33]

විල්ස් ස්පෝර්ට්, ක්ලැසික් සහ ක්ලබ්ලයිෆ්

සාමාන්‍යයෙන් “විල්ස්” ලෙස හැඳින්වෙන “විල්ස් නේවි කට්" ITC හි පෙරනයක් සහිත පළමු සිගරට් සන්නාමයයි. 1963 දී ඉන්දියානු වෙළෙඳපොළට හඳුන්වා දෙන ලද එය ප්‍රචාරණය කරන ලද්දේ “එකිනෙකා වෙනුවෙන් සාදන ලද” යන ටැග් රේඛාව හරහා විවිධ එදිනෙදා දර්ශනවල තරුණ යුවළක් නිරූපණය කිරීමෙන් ය. [34][6]2000 දී, එය ක්‍රීඩා ඇඳුම් සහ සාමාන්‍ය ඇඳුම් වෙළඳපොළට ඇතුල් වෙමින් (රූපය 2)"විල්ස් ස්පෝර්ට්" සන්නාමය සහිත ඇඟලුම් දාමයක් පිහිටුවන ලදී. එම ඇඟලුම් දාමය පසුව "විල්ස් ක්ලැසික්" (විධිමත් ඇඳුම් - 2002) සහ "විල්ස් ක්ලබ්ලයිෆ්" (සවස ඇඳුම් - 2003) දක්වා පුළුල් කරන ලදී. 2004 දී, දුම්කොළ වෙළඳ දැන්වීම් සහ ප්‍රවර්ධනය සීමා කරමින් ඉන්දියාවේ නව නීති සම්පාදනය කිරීමත් සමඟ, ITC නිවේදනය කළේ ඔවුන් සිගරට් වලින් "විල්ස්" යන වෙළඳ නාමය "විසන්ධි" කරන බව සහ 'ආදේශක වෙළඳ ප්‍රචාරණය' පිළිබඳ චෝදනාවන් වළක්වා ගැනීම සඳහා එය "අප්‍රකට" කරන බවත්ය. කෙසේ වෙතත්, "විල්ස්" යන වචනය "නේවි කට්" වෙතින් වෙන් කර තිබුණද, සෞඛ්‍ය පාර්ශවකරුවන්ගේ විවේචනයට ලක් වෙමින් එය ඇසුරුම්කරණයේ ප්‍රමුඛව පැවතුණි (රූපය 3). [6][35]

රූපය 3: “විල්ස් නේවි කට්" ඇසුරුම වෙනස් කිරීම[36]

තරුණයන් ඉලක්ක කරගත් ඇඟලුම් දාමයක්

රූපය 4: ජනප්‍රිය බොලිවුඩ් නළු රිතික් රෝෂන් ජෝන් ප්ලේයර්ස් වෙළඳ දැන්වීමක පෙනී සිටී. [37]

ජෝන් ප්ලේයර්ස් පිරිමි ඇඳුම් - 2003 දී, ITC විසින් "ජෝන් ප්ලේයර්ස්" සන්නාමය සහිත ගෝලීය මධ්‍යම මිල පරාසයක පිරිමි ඇඳුම් දාමයක් ස්ථාපිත කරන ලදී. ITC නිලධාරීන්ට අනුව, එය "විලාසිතා ගැන උනන්දුවක් දක්වන තරුණයින්ට දැරිය හැකි මිලකට" සපයයි. බහුලව අලෙවි වන BAT සිගරට් සන්නාමය වන "ජෝන් ප්ලේයර්" වෙළඳ නාමය සෘජුවම ලබා ගැනීමකි. ඒ හා සමාන නමක් සහිත දුම්වැටියක් ඉන්දියාවේ නොමැති බව හා එහි අගට "s" උපසර්ගය භාවිතා කිරීම හේතු ලෙස ප්‍රකාශ කරමින් ITC එම 'සන්නාම දිගු කිරීම' ප්‍රතික්ෂේප කළේය. කෙසේ වෙතත්, ITC සතුව ඉන්දියානු වෙළඳපොලේ "ප්ලේයර්ස්" නමින් බහුලව අලෙවි වන සිගරට් සන්නාමයක් ඇත. ඇඟලුම් සන්නාමය 2001 වසරේ සිට ඉන්දියානු වෙළෙඳපොළේ පවතී.[38][39][40]

BAT හි ""ජෝන් ප්ලේයර්" සිගරට් පැකට්ටුවේ ලාංඡනයේ පවතින එම වර්ණ පටිපාටිය ම (රතු සහ සුදු) භාවිතා කිරීම හා සමහර විට ජනප්‍රිය බොලිවුඩ් නළුවන් පවා සම්බන්ධ කර ගනිමින් (රූපය 4) "ජෝන් ප්ලේයර්ස්" ඇඟලුම් දාමය යෞවනයන් ඉලක්ක කර ගනිමින් ප්‍රමුඛ වෙළඳ ප්‍රචාරණ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි.[41][37][42]

"මිස් ප්ලේයර්ස්” - 2006 දී තරුණියන් සඳහා කාන්තා ඇඳුම් ඇතුළත් කිරීමට "මිස් ප්ලේයර්ස්" නමින් වෙළඳ නාමයක් හඳුන්වා දෙමින් “ජෝන් ප්ලේයර්ස්” ඇඟලුම් දාමය පුළුල් කරන ලදී. කලින් සඳහන් කළ පරිදි, ITC විසින් ප්ලේයර්ස්" නමින් සිගරට් සන්නාමයක් ඉන්දියානු වෙළඳපොලේ අලෙවි කරයි.[38][6][43]

වෙනත් කණ්ඩායම් හරහා ආධාර සකසා ගැනීම

ITC, "ඉන්දියාවේ දුම්කොළ කර්මාන්තයේ ගොවීන්, නිෂ්පාදකයින්, අපනයනකරුවන් සහ සිගරට් අංශයේ අනුබද්ධයන්ගේ නියෝජිත මණ්ඩලයක්' වන ඉන්දීය දුම්කොළ ආයතනයේ (TII) ප්‍රමුඛ සාමාජිකයෙක් ලෙස වාර්තා වේ. [44][45] කෙසේ වෙතත්, TII එහි සාමාජිකයින් ඔවුන්ගේ වෙබ් අඩවියේ ලැයිස්තුගත නොකරයි. 2017 වන විට, TII පහත සඳහන් [1] සාමාජිකයෙකු ලෙස වාර්තා වේ.[44] ජාත්‍යන්තර දුම්කොළ වගාකරුවන්ගේ සංගමය (ITGA) | ජාත්‍යන්තර දුම්කොළ ලේඛන මධ්‍යස්ථානය, එක්සත් රාජධානිය | දුම්කොළ වෙළඳුන්ගේ සංගමය (TMA), ඇමරිකා එක්සත් ජනපදය | ඉන්දියානු කර්මාන්ත සම්මේලනය (CII) | ඉන්දියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FICCI) | ඉන්දියාවේ වාණිජ හා කර්මාන්ත ආශ්‍රිත මණ්ඩලය (ASSOCHAM) | PHD වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (PHDCCI) | ඉන්දියානු වාණිජ සහ කර්මාන්ත මණ්ඩලය (ICCI) | ආන්ද්‍රා ප්‍රදේශ් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (FAPCCI) | ආන්ද්‍රා, කර්නාටක සහ මහාරාෂ්ට්‍ර වාණිජ මණ්ඩල

ඉන්දීය දුම්කොළ ආයතනය (TII) දුම්කොළ පාලන ක්‍රියාමාර්ග සහ ප්‍රතිපත්තිවලට බලපෑම් කිරීමට උත්සාහ ගත් අවස්ථා කිහිපයක් මාධ්‍ය වාර්තා කළේය. ඒවායින් තෝරාගත් උදාහරණ කිහිපයක් පහත දැක්වේ:

  • රූපමය සෞඛ්‍ය අවවාද (PHWs) ක්‍රියාත්මක කිරීම - “විශාල ප්‍රමාණයේ රූපමය සෞඛ්‍ය අවවාද ප්‍රදර්ශනය අනිවාර්ය කරමින් කළ නිවේදනය ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශය වෙත නැවත නැවතත් නිවේදන යැවීම”; PHW වල සඵලතාවය පිළිබඳව සැකයක් ඇති කරමින් දැවැන්ත මාධ්‍ය ප්‍රචාරණයක් පැවැත්වීම සහ සිගරට් ඇසුරුම්වල PHW 20% සිට 85% දක්වා වැඩි කිරීමට එරෙහිව ගොවීන්ගේ විරෝධතා සංවිධානය කිරීම.[45][29][46]
  • පාර්ශවකරුවන්ගේ සමුළුවට බලපෑම් කිරීම - 2016 නොවැම්බර් මාසයේදී නවදිල්ලියේ පැවැත්වුණු ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුවේ (FCTC) පාර්ශවකරුවන්ගේ 7 වැනි සමුළුවට (CoP 7) සහභාගී වන ජාතික නියෝජිත කණ්ඩායමට ඔවුන් ඇතුළත් කරන ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලා සිටියේය.[47] තවද, ප්‍රසිද්ධ පෙරමුණු කණ්ඩායමක් වන සමස්ත ඉන්දීය ගොවි සංගමයේ සම්මේලනයට CoP 7 හි නිරීක්ෂක තත්ත්වය ප්‍රතික්ෂේප කිරීම නිසා TII ප්‍රසිද්ධියේ FCTC විවේචනය කළේය.[48]
  • බදු වැඩි වීම - දුම්කොළ ගොවීන්ට අවාසිදායක වන බව පවසමින් සිගරට් මත සෙස් බද්ද වැඩි කිරීමට එරෙහිව විරුද්ධ විය.[49]

ආයතනික සමාජ වගකීම් (CSR) ක්‍රියාකාරකම්

ITC, එහි CSR ක්‍රියාකාරකම් සඳහා දුම්කොළ ගොවීන් සම්බන්ධ කර ගැනීම නිසා විවේචනයට ලක්ව ඇත.[50]

TobaccoUnmasked සම්පත්

අදාළ සබැඳිය

ITC ලිමිටඩ් වෙබ් අඩවිය: http://www.itcportal.com

මූලාශ්‍ර

  1. Tobacco Free Kids. The Global Cigarette Industry, December 2016, accessed May 2017
  2. 2.0 2.1 ITC Limited. FMCG: Cigarettes, 2017, accessed May 2017
  3. 3.0 3.1 ITC Limited. ITC Limited: One of India’s Most Admired and Valuable Companies, ITC Corporate Presentation, 2017, accessed May 2017
  4. 4.0 4.1 MoneyControl. ITC hasn't kicked the butt, but journey from 'health hazard' to healthcare is complete, 29 September 2017, accessed October 2017
  5. 5.0 5.1 5.2 5.3 5.4 5.5 ITC Limited. Company Profile: History and Evolution, 2017, accessed June 2017
  6. 6.0 6.1 6.2 6.3 D Simpson. News Analysis: India Surrogates and Spoofs, BMJ Tobacco Control, 2009:18(3)p163, accessed April 2018
  7. 7.0 7.1 Department of Government Information. Ground Breaking Ceremony of ITC Colombo One, News.lk, 21 November 2014, accessed May 2018
  8. ITC Limited. FMCG, 2017, accessed May 2017
  9. ITC Limited. Packaging, 2017, accessed May 2017
  10. ITC Company Limited. Hospitality, 2017, accessed May 2017
  11. ITC Limited. World-class, $300m "ITC One, Colombo 1" to open in 2021: Top Indian hotel chain adding a jewel to Lanka’s hospitality sector, 14 May 2016, accessed May 2017
  12. ITC Limited. Paperboards & Speciality Papers, 2017, accessed May 2017
  13. WWF-GFTN. GFTN in the News, 2017, accessed May 2017
  14. ET Bureau. WWF-India and ITC join hands for forest mgmnt practices, The Economic Times, 11 July 2009, accessed May 2017
  15. ITC Limited. Agri Business, 2017, accessed May 2017
  16. 16.0 16.1 ITC Company Ltd. Annual Report 2017, 2017, accessed October 2017
  17. S Reckhi, R Banerjee. Raising the Stake, indiatoday, 31 December 1994, Accessed May 2017
  18. The Times of India BAT not averse to raising stake in ITC, 5 July 2002, accessed May 2017
  19. I Gupta, T Surendar. Remaking Indian Tobacco Co., Forbes, 30 June 2010, accessed May 2017
  20. FirstPost. Indian govt is the biggest tobacco offender - and the biggest investor in ITC, 05 August 2014, accessed October 2017
  21. India Environment Portal. Insurance companies among top 10 shareholders of ITC Limited, 2012, accessed October 2017
  22. 22.0 22.1 ITC Limited. Board of Directors, 2017, accessed October 2017
  23. High Commission of India, Sri Lanka. website, undated, accessed April 2018
  24. Surya Nepal Private Limited. Company Profile, 2017, accessed May 2017
  25. Independent. India cigarette firms stop production over health warnings, 4 December 2010, accessed October 2017
  26. The Economic Times. ITC, Godfrey Phillips India shutter factories over warning pics, 03 December 2010, accessed October 2017
  27. BBC News South Asia. India tobacco firms halt production over health warning, 03 December 2010, accessed October 2017
  28. B B Chatterjee. Cigarette Factories – Shutdown, ITC Limited, 2nd April 2016, accessed October 2017
  29. 29.0 29.1 Punjab Today. Tobacco Companies Shut Factories; Opposing Cigarette Larger Pictorial Warnings, 01 April 2016, accessed October 2017
  30. The Times of India. Shareholders approve plans to enter health care: ITC, Business, 17 March 2017, accessed May 2017
  31. U P Mukherji. ITC to enter healthcare sector with hospital, The Times of India, 29 July 2017, accessed October 2017
  32. The Economic Times. ITC looking for a CEO to enter healthcare, 28 July 2017, accessed October 2017
  33. 33.0 33.1 OnedayCart. Brand Profile, undated, accessed April 2018
  34. IA Dutt. 40 Years Ago...and now: 'Made for each other'- A case of perfect insight, Business Standard, 20 November 2014, accessed April 2018
  35. TR Vivek. Tobacco ban forces ITC to stub Wills, 21 July 2004, accessed April 2018
  36. I Gubchik, I Zakrevsky. Cigarette Packaging, undated, accessed April 2018
  37. 37.0 37.1 Neoverve. Closure to Youth: John Player, Marketing and Management, 03 April 2010, accessed April 2018
  38. 38.0 38.1 Rediff India Abroad. ITC set to register John Players as apparel brand, 04 April 2003, accessed April 2018
  39. S Kar. John Players' new innings, Business Standard, 20 January 2013, accessed April 2018
  40. Business Standard. ITC Expands John Players, 14 June 2013, accessed April 2018
  41. ITC Lifestyle. John Players, 2018, accessed April 2018
  42. The Indian Beauty Blog. Men’s summer fashion trends with John Players, 16 June 2017, accessed April 2018
  43. India Retailing Bureau. ITC Group will Introduce Miss Players, INDIARETAILING.com, 02 June 2007, accessed April 2018
  44. 44.0 44.1 The Tobacco Institute of India. About Us, 2017, accessed October 2017
  45. 45.0 45.1 A Jithendra, U Bhojani. How The Tobacco Industry Wins Friends And Influences Policy, 02 June 2015, accessed October 2017
  46. A Pasricha. India's Tobacco Industry, Farmers Resist Warnings on Cigarettes, VOA News Asia, 06 May 2016, accessed October 2017
  47. W Mukherjee. Tobacco Institute doesn't want Tobacco policy development to be left to activists alone, The Economic Times, 30 August 2016, accessed October 2017
  48. Press Trust of India. WHO tobacco conference rejects applications for observer, undated, accessed October 2017
  49. The Economic Times. Cigarette industry body wants GST Council to roll back tax increase, 17 October 2017, accessed October 2017
  50. N V Rao. Neethi V Rao: Corporate social responsibility in India, ‘’’thebmjopinion’’’, 9th May 2014, accessed October 2017