දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුවෙහි (FCTC) 5.3 වගන්තිය
Contents
පසුබිම
දුම්කොළ පාලනය පිළිබඳ නිීතිමය රාමුවෙහි 5.3 වගන්තිය, වාණිජ හා අනෙකුත් දුම්කොළ කර්මාන්තයේ අරමුණුවලින් පොදු මහජන සෞඛ්‍ය ප‍්‍රතිපත්ති ආරක්ෂා කරගැනීම සඳහා පාර්ශවකරුවන්ට නිර්දේශ කරයි. [1]
මාර්ගෝපදේශ මූලධර්ම
- 01 වන මූලධර්මය - දුම්කොළ කර්මාන්තය විසින් ඇබ්බැහිකාරක , රෝගාබාධ හා මරණයට හේතුවන නිෂ්පාදනයක් සිදු කරනු ලබයි. එය දිලිදුබව ඇතුළු සමාජ ප්‍රශ්න රැසකට මුලික වෙයි. එබැවින්, දුම්කොළ කර්මාන්තයේ අවශ්‍යතාවයන් හා මහජන සෞඛ්‍ය ප‍්‍රතිපත්ති උවමනාවන් අතර නොගැළපෙන ගැටුමක් පවතී.
- 02 වන මූලධර්මය - සම්මුතියේ පාර්ශවකරුවන් විසින් දුම්කොළ කර්මාන්තකරුවන් හෝ එහි අවශ්‍යතා සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී විනිවිදභාවයකින් හා වගකීමකින් යුක්තව කටයුතු කළ යුතුය.
- 03 වන මූලධර්මය - දුම්කොළ කර්මාන්ත කරුවන් විසින් විනිවිදභාවයකින් හා වගකීමකින් යුක්තව කටයුතු කළ යුතුය.
- 04වන මූලධර්මය - ඔවුන්ගේ නිෂ්පාදන මාරාන්තික බැවින් ඔවුන්ගේ ව්‍යාපාර ස්ථාපිත කිරීමට හෝ පවත්වාගෙන යාම සඳහා දිරි දීමනා ලබා දීම සිදු නොකළ යුතුය.
5.3 වගන්තිය කි‍්‍රයාත්මක කිරීමේ මාර්ගෝපදේශයන් [1][2]
5.3 වගන්තිය කි‍්‍රයාත්මක කිරීමේ මාර්ගෝපදේශයන් පහත සඳහන් පුද්ගලයන් සඳහා අදාල වේ:
- රාජ්‍ය නිලධාරීන්,
- යම් රටක ජාතික, රාජ්‍ය, පළාත් , මහ නගර, ප‍්‍රාදේශීය හෝ වෙනත් පොදු හෝ අර්ධ රාජ්‍ය ආයතන හෝ ආයතනවල නියෝජිතයන් හා සේවකයන්
හෝ,
- ඔවුන් වෙනුවෙන් කි‍්‍රයා කරන ඕනෑම පුද්ගලයෙකුට
එසේම 5.3 වගන්තියට අනුව දුම්කොළ පාලන ප‍්‍රතිපත්ති සහ දුම්කොළ කර්මාන්තයේ අවශ්‍යතාවයන්ට එරෙහිව එම ප‍්‍රතිපත්ති ආරක්ෂා කිරීම සඳහා වගකිව යුතු ඕනෑම රාජ්‍ය ශාඛාවක් ( විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ) විසින් මෙම නිර්දේශයන් කි‍්‍රයාත්මක කිරීම් සඳහා බැඳී සිටියි.
මාර්ගෝපදේශ
- දුම්කොළ නිෂ්පාදනවලට ඇබ්බැහිවීම හා හානිකර ස්වභාවය ගැනද දුම්කොළ කර්මාන්ත විසින් දුම්වැටි පාලන ප‍්‍රතිපත්ති සම්බන්දව සිදු කරනු ලබන මැදිහත්වීම් සම්බන්ධව ද සියළුම පාර්ශවයන් සහ සියළුම රාජ්‍ය ආයතන දැනුවත් කිරීම.
- දුම්කොළ නිෂ්පාදනවලට ඇබිබැහිවීම හා හානිකර ස්වභාවය,
- දුම්කොළ කර්මාන්තයේ වාණිජ හා අනෙකුත් අරමුණු මහජන සෞඛ්‍ය ප‍්‍රතිපත්ති ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය
- දුම්කොළ කර්මාන්ත භාවිතා කරන උපාය හෝ උපාය මාර්ගයන්.
- දුම්කොළ කර්මාන්තය සමග අන්තර් කි‍්‍රයාකාරීත්වය සීමා කිරීමට හා එම අන්තර් කි‍්‍රයාවල විනිවිදභාවය සහතික කිරීමට අදාල නිර්දේශයන් ඇතිකිරීම.
- රජය විසින් දුම්කොළ කර්මාන්ත හා සම්බන්ධවිය යුත්තේ, එය අත්‍යවශයම නම් පමණි. එසේ අන්තර්කි‍්‍රයාකාරීත්වයන් අවශ්‍ය වූ විට ඒවා විනිවිදභාවයකින් යුක්තව ක්‍රියාත්මක විය යුතු අතර හැකි සෑම අවස්ථාවකදීම ඒවා ප‍්‍රසිද්ධ කළ යුතුය.
- දුම්කොළ කර්මාන්තය සමග හවුල්කාරීත්වයන් හා ගිවිසුම් ප‍්‍රතික්ෂේප කළ යුතුය.
- ඒ යටතේ රජය විසින් නොකළ යුතු දේවල්:
- දුම්කොළ කර්මාන්තය සමග හෝ එහි නියෝජිතයන් සමග ඇති කරගනු ලබන ගිවිසුම්, හවුල් සබඳතා, බලරහිත ගිවිසුම් සහ ඕනෑම ආකාරයේ ස්වේච්චා සැලසුම් ;
- දුම්කොළ කර්මාන්තය විසින් සංවිධානය කරන ප්‍රවර්ධනය කරන හෝ සහභාගිවන, තාරුණ්‍ය පොදු අධ්‍යාපානය හෝ ඍජුව හෝ වක‍්‍රව දුම්කොළ පාලනයට අදාල වන අවස්ථාවන් අනුමත කිරීම හෝ සහයෝගය ලබාදීම.
- නීත්‍යානුකූල දුම්කොළ පාලන ක‍්‍රම සඳහා ආදේශකයක් වශයෙන් දුම්කොළ කර්මාන්තකරුවන් විසින් ඉදිරිපත් කරන ලබන ස්වෙච්චා ආචාර ධර්ම පද්ධතීන් හෝ එවැනි ලියවිල්ලක් අනුමත කිරීම හෝ සහයෝගය ලබාදීම.
- දුම්කොළ කර්මාන්ත සමග හවුල්කාරීත්වයෙන් / සහයෝගයෙන් සකස් කළ ප‍්‍රතිපත්ති හෝ දුම්කොළ පාලන නීති අනුමත කිරීම.
- ඒ යටතේ රජය විසින් නොකළ යුතු දේවල්:
- රාජ්‍ය නිලධාරීන් සහ සේවකයන් අතර සිදුවන මත ගැටුම් වැලැක්වීම.
- දුම්කොළ කර්මාන්තය මගින් රාජ්‍ය ආයතන, නිලධාරීන් හෝ සේවකයන්ට සපයනු ලබන දීමනා, ත්‍යාග හා සේවාවන්, මූල්‍ය හෝ මූල්‍ය නොවන, සහ පර්යේෂණ අරමුදල් ලබාගැනීම මත ගැටුම් ඇති කිරීමට හේතු වේ.එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අනුගමනය කරනු ලබන රාජ්‍ය නිලධාරීින්ගේ ජාත්‍යන්තර චර්යා ධර්ම සංග‍්‍රහයට අනුව, පුද්ගලික යහපැවැත්ම උදෙසා රාජ්‍ය වගකීම්වලට බලපෑම් කළ නොහැකි බවට පොරොන්දුවක් වී ඇත. ඒ අනුව රජයන් විසින් :
- රාජ්‍ය නිලධාරීන් සදහා දුම්කොළ කර්මාන්ත සමග කටයුතු කිරීමේ ප‍්‍රමිතීන් ඇතුලත් ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දිය යුතුය.
- දුම්කොළ පාලන ප‍්‍රතිපත්ති සමග ගැටුම් ඇති අපේක්ෂකයන්ට හෝ ටෙන්ඩර්කරුවන්ට, දුම්කොළ පාලනය සම්බන් මහජන සෞඛ්‍ය ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීම හා සම්බන්ධ කිසිදු කාර්යක් ඉටු කිරීම සඳහා කොන්ත‍්‍රාත් ලබා නොදිය යුතුය.
- දුම්කොළ පාලනය හා සම්බන්ධ, මහජන සෞඛය ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීමෙහිලා සම්බන්ධ මහජන නිලධාරීන් රැකියාවෙන් ඉවත්වී නිශ්චිත කාලයකට පසුව දුම්කොළ කර්මාන්තය තුළ යම්කිසි රැකියාමය කටයුත්තක නිරත වේ නම් ඊට හේතු වූ කාරණාව පිලිබඳ තම ආයතනයට දැනුම්දීමට අදාලවන ප්‍රතිපත්ති මාලාවක් ඇති කළ යුතුය.
- දුම්කොළ පාලනය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය ප‍්‍රතිපත්ති සකසන හා කි‍්‍රයාත්මට අදාල වන මහජන නිලධාරී තනතුරු සඳහා ඉල්ලුම් කරන අයදුම් කරුවන් විසින් ඔවුන් මීට ඉහතදී දුම්කොළ කර්මාන්තය හා සම්බන්ධව කටයුතු කලේ නම් ඒ පිලිබඳ කරුණු හෙළිකිරීමට අදාලව නීති සැකසීම.
- රාජ්‍ය නිලධාරීන් විසින් දුම්කොළ කාර්න්තමාන්තය පිලිබඳ තම ඍජු මතය ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ ප්‍රතිපත්ති මාලාවක් සකස් කළ යුතුය.
- දුම්කොළ සමාගම රජය විසින් පාලනය වන අවස්ථාවකදී හැර අන් කිසිම අවස්ථාවක රාජ්‍ය ආයතනවලට දුම්කොළ සමාගම සමග කිසිදු මුල්‍යමය ගනුදෙනුවක් නොතිබිය යුතුය.
- දුම්කොළ පාලනය හෝ මහජන සෞඛ්‍ය ප‍්‍රතිපත්ති සකස් කරන හෝ කි‍්‍රයාත්මක කරන ඕනෑම රාජ්‍ය ආයතනයක, කමිටුවක හෝ උපදේශන කණ්ඩායමක සාමාජිකයෙකු ලෙසට කටයුතු කිරීමට දුම්කොළ කර්මාන්තයේ කිසිදු පුද්ගලයෙකුට ඉඩ නොදිය යුතුය.
- දුම්කොළ කර්මාන්තයේ සේවය කරන හෝ එයට අනුබද්ධිත වෙනත් ආයතනයක සේවය කරන ඕනෑම පුද්ගලයෙකු පාර්ශවකරුවන් හමුවන රැස්වීම් නියෝජනය කරන කණ්ඩායම් සාමාජිකත්වය ලබානොදිය යුතුය.
- කිසිදු රාජ්‍ය නිලධාරියෙකු හෝ අර්ධ රාජ්‍ය ආයතනයක නිලධාරියෙකුට දුම්කොළ කර්මාන්තයෙන් සිදුකරන ගෙවීම්, ත්‍යාග හෝ සේවාවන් ලබා ගැනීමට ඉඩ නොදිය යුතුය.
- දුම්කොළ කර්මාන්තයෙන් දේශපාලන පක්ෂවලට අපේක්ෂකයන්ට හෝ දේශපාලන රැස්වීම් සඳහා දෙනු ලබන හවුල්කාරීත්වයන් තහනම් කිරීමට අදාල ක්‍රියාමාර්ග ගත යුතු අතර එවන් හවුල්කරිත්වයන් අනාවරණය කිරීම සඳහා විධිමත් පියවර ගත යුතුය.
- දුම්කොළ කර්මාන්තය මගින් රාජ්‍ය ආයතන, නිලධාරීන් හෝ සේවකයන්ට සපයනු ලබන දීමනා, ත්‍යාග හා සේවාවන්, මූල්‍ය හෝ මූල්‍ය නොවන, සහ පර්යේෂණ අරමුදල් ලබාගැනීම මත ගැටුම් ඇති කිරීමට හේතු වේ.එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අනුගමනය කරනු ලබන රාජ්‍ය නිලධාරීින්ගේ ජාත්‍යන්තර චර්යා ධර්ම සංග‍්‍රහයට අනුව, පුද්ගලික යහපැවැත්ම උදෙසා රාජ්‍ය වගකීම්වලට බලපෑම් කළ නොහැකි බවට පොරොන්දුවක් වී ඇත. ඒ අනුව රජයන් විසින් :
- දුම්කොළ කර්මාන්තය විසින් සපයනු ලබන තොරතුරු විනිවිදභාවයකින් යුක්ත හා නිවැරදි බව රජය විසින් තහවුරු කළ යුතුය.
- දුම්කොළ කර්මාන්තය විසින් සිදුකරන ලද සමාජ වගකීම් ඇතුළත් කි‍්‍රයාකාරකම් රජය විසින් සැළකිල්ලට ගෙන එම කි‍්‍රයාකාරකම් ‘ආයතනික සමාජ වගකීම්’ ලෙසට සීමාකර නියාමනය කළ යුතුය.
- දුම්කොළ කර්මාන්තයට රජය විසින් කිසිදු වාසි වරප‍්‍රසාදයක් ලබාදිය යුතු නැත.
- රජයේ දුම්වැටි කර්මාන්තය ද වෙනත් ඕනෑම දුම්කොළ කර්මාන්තයක් ලෙස සැළකිය යුතුය.
වාසි
මෙම මාර්ගෝපදේශයේ අරමුණ වන්නේ, දුම්කොළ කර්මාන්තයේ වාණිජ හා වෙනත් අයිතිවාසිකම්වලින් දුම්කොළ පාලනය ආරක්ෂා කිරීම සඳහා දරන උත්සාහයන් සහතික කිරීමයි.[1]
කි‍්‍රයාත්මක කිරීම
දුම්කොළ පාලන ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමට හා සහතික කිරීමට සම්මුතියේ 5.3 වන වගන්තිය කි‍්‍රයාත්මක කිරීම හා අධීක්ෂණය කිරීම අත්‍යවශ්‍ය වේ. දුම්කොළ කර්මාන්තය අධීක්ෂණය කිරීම ද මෙයට ඇතුළත්වේ. මේ යටතේ, දුම්කොළ නිරීක්ෂණ මධ්‍යස්ථාන ලෝක සෞඛ්‍ය සංවිධානයේ මගපෙන්වීම යටතේ ලෝකය පුරා ස්ථාපිත කරන ලදී. ප‍්‍රථම දුම්කොළ නිරීක්ෂණ ආයතන බ‍්‍රසීලයේපිහිටුවනු ලැබූ අතර දෙවැනියට දුම්කොළ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇත්තේ ශී‍්‍ර ලංකාවයි. දුම්කොළ කර්මාන්තයට අනුබද්ධ නොවන රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සංගම්වල සාමාජිකයින් දුම්කොළ කර්මාන්තයේ කි‍්‍රයාකාරීත්වයන් අධීක්ෂණය කිරීම සඳහා අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටුකළ හැකිය. [1]
කි‍්‍රයාත්මක කිරීම - ශී‍්‍ර ලංකාව
ශී‍්‍ර ලංකාවේ දුම්කොළ නිරීක්ෂණ මධ්‍යස්ථානය වන දුම්කොළ කර්මාන්තය පිළිබඳ අධ්‍යයන කේන්ද්‍රය Centre for Combating Tobacco (CCT) 2016 වසරේදී ආරම්භ කරන ලදී. 2017 වර්ෂය වනවිට කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයෙහි ස්ථාපනය කරන ලද අතර එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගිනිකොනදිග ආසියානු කලාපයෙහි එකම දුම්කොළ කර්මාන්ත නිරීක්ෂණාගාරයයි. [1]
අදාල සබැඳි
Guidelines for implementation of Article 5.3 of the WHO Framework Convention on Tobacco Control
සටහන්
- ↑ 1.0 1.1 1.2 1.3 1.4 World Health Organization. Framework Convention on Tobacco Control, 2005, accessed March 2017
- ↑ World Health Organization. Guidelines for implementation of Article 5.3 of the WHO Framework Convention on Tobacco Control, 2013, accessed July 2017