ලංකා දුම්කොළ සමාගම (CTC)

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

ලංකා දුම්කොළ සමාගම (CTC) ශ්‍රී ලංකාවේ සිගරට් නිෂ්පාදනය සහ අලෙවිකරණ ඒකාධිකාරය දරයි. 2021 දෙසැම්බර් 31 දින වන විට 84.13% ක කොටස් බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) සතුය.[1] 1904-1911 කාල පරිච්ජේදය තුළ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මකවීම ආරම්භවුවත් සමාගමක් ලෙස සිය මෙහෙයුම් ආරම්භ කරන ලද්දේ 1932 දීය.[2][3]

2022 ඔක්තෝබර් වන විට ලංකා දුම්කොළ සමාගමෙහි (CTC) වෙබ් අඩවියේ මුල් පිටුව

ලංකා දුම්කොළ සමාගම (CTC) දුම්කොළ වගාවේ සිට සිගරට් නිෂ්පාදනය දක්වා පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලියක නිරත වේ.[4] ශ්‍රී ලංකාවේ සිල්ලර ආනයනික සිගරට් ප්‍රමාණය 1% කි. එබැවින් ශ්‍රී ලංකාවේ සිල්ලර වෙළඳපොලේ විකිණෙන සිගරට් 99% ක් ලංකා දුම්කොළ සමාගම ට අයත් වේ.[5] ශ්‍රී ලංකාව සිගරට් නිෂ්පාදනය සඳහා භාවිතා කරන දුම්කොළවලින් 100% ක් ම රටතුළ වගා කරයි. එය 2021 දී දුම්කොළ ටොන් 1602.1 ක් පමණ විය.[1] ලංකා දුම්කොළ සමාගමේ සමස්ත වාර්ෂික ආදායමෙන් 1% ක පමණ දායකත්වයක් සිගරට් අපනයනය මගින් සපයයි. නිෂ්පාදන මෙහෙයුම් කර්මාන්තශාලා දෙකක් මගින් සිදුකෙරේ. ඒවා නම් කොළඹ කර්මාන්ත ශාලාව හා මහනුවර හරිත දුම්කොළ තෙරපීමේ මධ්‍යස්ථානය වේ.[1]

ලංකා දුම්කොළ සමාගම (CTC) හි සිගරට් වෙළඳ නාමයන් ලෙස ජෝන් ප්ලේයර් ගෝල්ඩ් ලීෆ් (JPGL), ඩන්හිල්, බෙන්සන් සහ හෙජස් සහ කැප්ස්ටන්, ජෝන් ප්ලේයර් නේවි කට්, ජෝන් ප්ලේයර් ගෝල්ඩ්, ස්ටේට් එක්ස්ප්රස් 555 හා ෂුවාංසි ඉන්ටර්නැෂනල් දැක්විය හැකිය.[6]

අතීත හා වර්තමාන අධ්‍යක්ෂකවරුන් සහ සේවකයින්

ලංකා දුම්කොළ සමාගම, අධ්‍යක්ෂක මණ්ඩලයක් සහ විධායක කමිටුවක් මගින් පාලනය කරනු ලබයි. 2022 දී සභාපතිවරයාගේ සභාපතිත්වයෙන් අධ්‍යක්ෂක මණ්ඩලය සාමාජිකයින් 8 කින් සමන්විත වූ අතර ඉන් 6 ක් විධායක නොවන අධ්‍යක්ෂකවරු විය. ප්‍රධාන විධායක නිලධාරියාගේ ප්‍රධානත්වයෙන් යුත් විධායක කමිටුවක්ද ඇති අතර එය සාමාජිකයක් 5 දෙනෙකුගෙන් යුක්ත වේ.[1] 2022 පෙබරවාරි 1 වන දින සිට CTC හි සභාපතිවරයා ලෙස සුරේෂ් කුමාර් ෂා සහ 2021 දෙසැම්බර් 1 වන දින සිට ප්‍රධාන විධායක නිලධාරි/කළමනාකාර අධ්‍යක්ෂ ලෙස මොනිෂා ඒබ්‍රහම්] පත් කරන ලදී.[7] [8] CTC ලංකා දුම්කොළ සමාගම හි අධ්‍යක්ෂක මණ්ඩලය සහ විධායක කමිටු සාමාජිකයන් CTC වෙබ් අඩවියෙන් සොයාගත හැකිය. 2020 වන විට ලංකා දුම්කොළ සමාගමහි ස්ථීර සේවකයන් සංඛ්‍යාව 269 ක් වූ අතර එයින් 16.7% (N=45) කාන්තාවන් ලෙස වාර්තා විය.[1]

පහත දැක්වෙන CTC සේවකයින් හා අධ්‍යක්ෂකවරුන්ගේ තොරතුරු TobaccoUnmasked පිටු තුල සොයාගත හැකිය.

එමා රිඩ්ලි | දිනේෂ් වීරක්කොඩි | ඩෙනිස් පෙරේරා | කෙන් බාලේන්ද්‍ර | ලක්මාලි නානායක්කාර | මයිකල් කොස්ට් | රමේෂ් නානායක්කාර | රුක්ෂාන් ගුණතිලක | ස්ටැන්ලි වනිගසේකර | සුසන්ත රත්නායක | මොනිෂා ඒබ්‍රහම්

අනුබද්ධිත ආයතන

2017 දක්වා වන කාලය තුළ ලංකා දුම්කොළ සමාගමට පහත සඳහන් අනුබද්ධ ආයතන සතු විය.

2022 ජූලි වන විට, Outreach Projects (Guarantee) Limited, CTC සතු එකම අනුබද්ධිත ආයතනය විය.

ආයෝජකයින්

2021 දෙසැම්බර් 31 වැනි දින වන විට CTC හි කොටස් හිමියන් සංඛ්‍යාව 4,440 ක් විය. එය 2020 වසරේ වාර්තා වූ සංඛ්‍යාවට වඩා 531 කින් වැඩි වීමකි. විශාලතම කොටස් හිමියන් 20 දෙනා පහත දැක් වේ (අඩුවන අනුපිළිවෙලින්):[1]

බ්‍රිටිෂ් ඇමෙරිකන් ටුබැකෝ ඉන්ටර්නැෂනල් හෝල්ඩින්ග්ස් | පිලිප් මොරිස් බ්‍රෑන්ඩ් SARL | CB NY S/A Allan Gray Frontier Markets Equity Fund Limited | Pershing LLC S/A Averbach Grauson & Co. | SSBT-AL MEHWAR COMMERCIAL INVESTMENTS L.L.C | Northen Trust Company S/A - Fundsmith Emerging Equities Trust PLC | ජේ.බී කොකෝෂෙල් (පුද්ගලික) සමාගම | RBC Investor Services Bank | Mrs. Jasbinderjit Kaur Piara Singh | නීෂා හර්මන් මිය | Deutsche Bank AG Singapore A/C 01 | ජයවර්ධන සංජීව ප්‍රනීත් මහතා | Harnam Holdings SDN BHD | SSBT-Frank Russel Trust Company Comingled Benefit Fund Trust GNA | සෙලාන් බැංකුව PLC/W.D.N.H. පෙරේරා | ලංකා බැංකුවේ අංක 1 ගිණුම | Deutsche Bank AG AS Trustee For JB vantage Value Equity Fund | BNYM RE- GHI Holdings Mauritius | රත්නායක සුසන්ත චාමින්ද මහතා | SSBT-PARAMETRIC Tax-Managed Emerging Markets Fund

ඔවුන් සාමූහිකව කොටස්වලින් 96.65% ක් හිමි කර ගෙන ඇත. ජේ.බී කොකෝෂෙල් (පුද්ගලික) සමාගම, ලංකා බැංකුව අංක 1 ගිණුම, සෙලාන් බැංකුව PLC/W.D.N.H. පෙරේරා, රත්නායක සුසන්ත චාමින්ද මහතා සහ ජයවර්ධන සංජීව ප්‍රනීත් මහතා යන අය හැර අනෙක් සියලු දෙනාම විදේශ ආයෝජකයෝ වූහ. [1]

සම්බන්ධතා

CTC වෙත අනුබද්ධ පුද්ගලයින් සහ ආයතන පහත දැක්වෙන කාණ්ඩවලට අදාළ පිටු වල විස්තර කර ඇත:

ක්‍රියාකාරකම්

ශ්‍රී ලංකාව තුල CTC හි ක්‍රියාකාරකම් පහත දැක්වෙන කාණ්ඩවලට අදාළ පිටුවල විස්තර කර ඇත:

2018 වසරේ මහා සභා රැස්වීමේදී ප්‍රජා විරෝධතා

2018 අප්‍රේල් මාසයේ දී වාර්ෂික මහා සභා රැස්වීම (AGM) දිනයේ දී දුම්වැටි පානය නිසා ජීවිත අහිමි වූ ශ‍්‍රී ලාංකිකයන් සැමරීම සඳහා සර්ව ආගමික වතාවත් සමඟින් CTC මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණි (රූපය 2). විරෝධතාකරුවන් එහිදී ආයෝජකයින්ගෙන් ඉල්ලා සිටියේ තම පාරිභෝගිකයන් මරා දමන ව්‍යාපාරයකට ආයෝජනය කිරීම නවත්වන ලෙසයි (රූපය 3).[9][10] 2016 වසරේ දී ද මෙවැනිම විරෝධතාවක් වාර්තා විය. A similar protest was reported in 2016.[11]

රූපය 2: 2018 අප්‍රේල් මස වාර්ෂික මහා සභා රැස්වීම (AGM) දිනයේ දී CTC මූලස්ථානය ඉදිරිපිට පැවති විරෝධතාවය [9]
රූපය 03: CTC මූලස්ථානය ඉදිරිපිට පැවති විරෝධතාවය පිළිබඳ අද පුවත්පත වාර්තා කිරීම [10]

අධිකරණ ක්‍රියාදාමයන් ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් දඬුවම්

CTC ට එරෙහිව අලාභහානි සඳහා නඩුවක් ගොනු කළ පැමිණිලිකරුවෙකුට, පහළ උසාවියේ නඩු විභාගය හිතාමතා ප්‍රමාද කිරීම නිසා රුපියල් 400,000 (USD 2,500) මුදලක් නීතිමය වියදම් ලෙස ගෙවන ලෙස ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය 2018 ජූනි මාසයේදී CTC වෙත නියෝග කළේය. [12] දුම්පානය කරන්නෙකුගේ වැන්දඹුවක් විසින් තම සැමියාගේ පෙනහළු පිළිකා ආශ්‍රිත මරණයට වන්දි ඉල්ලා අධිකරණයේ මෙම නඩුව ආරම්භ කරන ලදී.[13][14] වැඩි විස්තර සඳහා කරුණාකර දුම් පානය කළ අයෙකුගේ මරණය සඳහා ලංකා දුම්කොළ සමාගමට නඩු පවරයි අපගේ පිටුව බලන්න

TobaccoUnmasked සම්පත්

මූලාශ්‍ර

  1. 1.0 1.1 1.2 1.3 1.4 1.5 1.6 Ceylon Tobacco Company PLC. Annual Report 2021, 2022, accessed July 2022
  2. British American Tobacco Website. Our history – a timeline, 2017, accessed May 2017
  3. Colombo Stock Exchange. Ceylon Tobacco Company PLC (CTC.N0000), 2017, accessed May 2017
  4. Ceylon Tobacco Company PLC. Annual Report 2016, 2017, accessed May 2017
  5. N.Arunathilake, M.Opatha, The Economics of Tobacco in Sri Lanka., Economics of Tobacco Control Paper No. 12, Tobacco Free Initiative, World Health Organization, 2003, accessed November 2016
  6. Ceylon Tobacco Company. Overview of our portfolio, undated, accessed July 2022
  7. Daily FT. Ceylon Tobacco gets first female MD/CEO, 2 December 2021, accessed December 2021
  8. The Morning. CTC appoints Suresh Shah as Chairman, 17 February 2021, accessed April 2022
  9. 9.0 9.1 Alcohol and Drug Information Centre (ADIC) Sri Lanka. Facebook page, 2018, accessed June 2018
  10. 10.0 10.1 Ada. සිගරට් භාවිතයෙන් මියගිය පුද්ගලයන් සිහිකරමින් මතක වස්ත්‍ර පූජාවක් සහ මහා පාංශුකූල පිංකමක්. 27 April 2018
  11. SN Ganewaththa. දුම් බී මියගිය අය සිහිකර මතක වස්ත්‍ර පූජා කර පාංශු කූලය දෙති, Divayina, 04 April 2016, accessed June 2018
  12. Daily Mirror. Delaying trial for 12 years: SC orders CTC to pay widow Rs.400,000 as costs 16th June 2018, accessed June 2018
  13. Supreme Court of Sri Lanka. S.C. Appeal 102/2009, 14th June 2018, accessed June 2018
  14. S Samarasinghe. Tobacco faces smoking death case, Nation.lk, 2nd November 2008, accessed June 2018