ශ්‍රී ලංකාවේ ඇමරිකානු වාණිජ මණ්ඩලය (AMCHAM ශ්‍රී ලංකා)

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

ශ්‍රී ලංකාවේ ඇමරිකානු වාණිජ මණ්ඩලය(AMCHAM ශ්‍රී ලංකා) "ලාභ නොලබන සංගමයක්" ලෙස ඔවුන් විසින් හදුන්වා දෙයි. කොළඹ 02 හි පවතින එයිට්කන් ස්පෙන්ස් පළමු කුළුණෙහි එය පිහිටා ඇත. එහි වෙබ් අඩවියට අනුව "ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර වෙළඳ, ව්‍යාපාර සහ ආයෝජන කටයුතුවල නිරත වන ශ්‍රී ලංකාව පදනම් කරගත් ප්‍රමුඛ පෙලේ ශ්‍රී ලාංකික සහ ඇමරිකානු සමාගම්" එය නියෝජනය කරයි.[1]

ඇමරිකානු වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලාංකික සහකරු වන AMCHAM ශ්‍රී ලංකා

"ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ආර්ථික හා ව්‍යාපාරික සබඳතා උත්තේජනය කිරීම හා ශක්තිමත් කිරීම" එහි මෙහෙවර ලෙස සඳහන් කරයි.[1]

දුම්කොළ කර්මාන්තය සමඟ සම්බන්ධතා

AMCHAM ශ්‍රී ලංකා ආයතනයෙහි අධ්‍යක්ෂ මණ්ඩලය මගින් ලංකා දුම්කොළ සමාගම (CTC) නියෝජනය කරයි.[1] AMCHAM ශ්‍රී ලංකා නියෝජනය කරන ලංකා දුම්කොළ සමාගමෙහි සේවකයින් අදාළ වර්ෂ සමඟ පහත ලැයිස්තු ගත කර ඇත.

යුරෝපා සංගමය සඳහා බලපෑම් කිරීමට උත්සාහ කරන ඇමරිකානු වාණිජ මණ්ඩලයේ කණ්ඩායමට අනුබද්ධ ආයතනයක් ලෙස බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT), යුරෝපා සංගමයේ ඇමරිකානු වාණිජ මණ්ඩලය, යුරෝපා සංගමයේ විනිවිදභාවය පිළිබඳ ලේඛනයේ ලැයිස්තු ගත කර ඇත.[4]

ඇමරිකානු වාණිජ මණ්ඩලයේ විවිධ පරිච්ඡේද සමඟ දුම්කොළ කර්මාන්ත සම්බන්ධතා පිළිබඳ සවිස්තරාත්මක ලැයිස්තුවක් TobaccoFreeKids.org වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.[5]

ලංකා දුම්කොළ සමාගමේ සභාපති, ඇමරිකානු වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස

ලංකා දුම්කොළ සමාගමේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ මයිකල් කොස්ට් 2018 සැප්තැම්බර් මාසයේ දී ඇමරිකානු වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස තේරී පත් විය.[6]

දුම්කොළ ආශ්‍රිත ක්‍රියාකාරකම්

රූපය 1: AMCHAM ශ්‍රී ලංකා විසින් සත්කාරකත්වය සපයන ලද රූපමය සෞඛ්‍ය අවවාද පිළිබඳ වූ කමිටු සාකච්ඡාව [7]

2015 වසරේ මැයි මාසයේදී, ශ්‍රී ලංකාවේ සිගරට් අසුරණ සඳහා රූපමය සෞඛ්‍ය අවවාද හඳුන්වා දීමේදී AMCHAM-ශ්‍රී ලංකා විසින් “ අපගේ ජීවිතවලට හා ආර්ථිකයට වන දිගු කාලීන ප්‍රතිවිපාක! -Counterfeit and Piracy-The far reaching consequences on our lives & the economy!" යන යන මැයෙන් කමිටු සාකච්ඡාවක් පවත්වන ලදී. එම කමිටුව පහත පුද්ගලයින්ගෙන් සමන්විත විය (රූපය 1).

  • රංජන් සෙනෙවිරත්න - ලංකා දුම්කොළ සමාගමේ නීති ප්‍රධානී
  • කුමුදිනි ගුණසේකර - විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදන සම්බන්ධීකරණ ලේකම් *කාර්යාලයේ ව්‍යාපෘති විද්‍යාඥ (COSTI)
  • කුසල් සේනානායක - ග්ලැක්සෝ වෙල්කම් හි විකුණුම් අංශ ප්‍රධානී
  • ගීතාංජලී රණවක - ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ (NIPO) අධ්‍යක්ෂ ජෙනරාල්
  • සුදත් පෙරේරා - ජාත්‍යන්තර වෙළඳ ලකුණු සංගමයේ (INTA) සාමාජික

කොළඹ හිල්ටන් රෙසිඩන්සීස් හි පැවති මෙම සාකච්ඡාව ජෝන් විල්සන් හවුල්කරුවන්ගේ නීතිඥයෙක් සහ ජාත්‍යන්තර වෙළඳ ලකුණු සංගමයේ සාමාජිකයෙක් වන අමිස් වැන් ඩර් බර්ග්-දිසානායක විසින් මෙහෙයවන ලදී.[7]

රූපය 2: ෆෙලිෂියෝ ෆෙරාස්, AMCHAM ශ්‍රී ලංකා විසින් සත්කාරකත්වය සපයන ලද රූපමය සෞඛ්‍ය අවවාද පිළිබඳ වූ කමිටු සාකච්ඡාවේ සමාප්ති දේශනය පවත්වමින්[7]

ඇමරිකානු වාණිජ මණ්ඩලයෙහි උප සභාපති සහ ලංකා දුම්කොළ සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරි ෆෙලිෂියෝ ෆෙරාස් (රූපය 2) එම සාකච්ඡාව අවසන් කළේ "කමිටු සාමාජිකයින්ගේ අත්දැකීම් සහ ප්‍රතිපෝෂණ වලට සවන් දීමෙන් පසු ශ්‍රී ලංකික සමාගම් ඔවුන්ගේ වටිනා බුද්ධිමය දේපල උපායමාර්ගිකව උත්තේජනය කරන ආකාරය තක්සේරු කිරීමට හා සැලසුම් කිරීමට කාලය පැමිණ ඇති බව සඳහන් කරමින්" බවට වාර්තා විය.[7]

ඇමරිකානු වාණිජ මණ්ඩලය විසින් ගෝලීය වශයෙන් දුම්කොළ පාලන ප්‍රතිපත්ති වලට එරෙහිව බලපෑම් කිරීමට උත්සාහ කර ඇත. උදාහරණ කිහිපයක් පහතින් දැක්වේ.

  • බුද්ධිමය දේපළ අයිතිවාසිකම්වලට පටහැනි යැයි කියමින් 2010 වසරේ සිට යුරෝපා සංගමයේ ඇමරිකානු වාණිජ මණ්ඩලය, සිගරට් ඇසුරුම් වල සම්මත ඇසුරුම්කරණයට (plain packaging) තදින්ම විරුද්ධ විය.[8]

කළමනාකරණය

AMCHAM ශ්‍රී ලංකා කළමනාකරණය කරනු ලබන්නේ වාර්ෂිකව පත් වන අධ්‍යක්ෂ මණ්ඩලයක් විසිනි. 2016/2017 දී මණ්ඩලය නියෝජනය කළ සමාගම් AMCHAM ශ්‍රී ලංකා අධ්‍යක්ෂ මණ්ඩලයේ සඳහන් වේ.

සාමාජිකයන් සහ අනුබද්ධතා

සාමාජිකයන්

සාමාජිකයන්ගේ සම්පූර්ණ නාමාවලිය AMCHAM ශ්‍රී ලංකා වෙබ් අඩවියේ සඳහන් වේ.

අනුබද්ධ ආයතන / සංවිධාන

අනුබද්ධතා පවතින සම්පුර්ණ ලැයිස්තුවක් ඇමරිකානු වාණිජ මණ්ඩලයෙහි වෙබ් අඩවියේ සඳහන් කර ඇත. ශ්‍රී ලංකාවේ පවතින ආයතන පහතින් ලැයිස්තුගත කර ඇත.[1]

  • ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ (කොළඹ) ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය
  • ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය
  • ශ්‍රී ලංකාවේ වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL)
  • ශ්‍රී ලංකා මෘදුකාංග සේවා සමාගම් සංගමය (SLASSCOM)
  • ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය
  • ශ්‍රී ලංකා පදනම (SLF)
  • යාල්පානම් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය
  • ඇමරිකා එක්සත් ජනපද - ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය

අනුග්‍රාහකත්ව

"ඇම්චෑම් ආපසු ලබා දෙයි" යන්න AMCHAM ශ්‍රී ලංකා ආයතනික සමාජ වගකීම් (CSR) වැඩසටහනෙහි තේමාවයි. එහි අරමුණ "දරුවන්ට සමාන අවස්ථා ලබා දීම" ලෙස හඳුනා ගෙන ඇත.[10] AMCHAM ශ්‍රී ලංකා හි සඳහන් පසුගිය උත්සව අවස්ථා වල දී ලබා දුන් අනුග්‍රාහකත්වයන් එම වර්ෂයත් සමඟ පහතින් ලැයිස්තු ගත කර ඇත.

  • ග්ලේනනෝර් දෙමළ පාසල, හපුතලේ (2016) - පාසලේ "තොරතුරු තාක්ෂණ හා සනීපාරක්ෂක යටිතල පහසුකම් නඟා සිටුවීම" සඳහා 2016 වසරේ AMCHAM-FedEx ගොල්ෆ් තරඟාවලියෙන් ලද ආදායමෙන් කොටසක් ආයතනික සමාජ වගකීම් (CSR) වැඩසටහන හරහා පරිත්‍යාග කරන ලදී.[10]
  • කුමාර විද්‍යාලය, කොටහේන (2015) - බ්‍රැන්ඩික්ස් ලංකා සමාගම විසින් සපයන ලද පරිගණක 14 ක් පාසලට පරිත්‍යාග කරන ලදී.[11]
  • සැබෑ මිනිසා අපයෝජනය නොකරයි (2014) - "ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ හිංසනයන්ට එරෙහිව දැනුවත් කිරීමේ මුලපිරීමක්" ලෙස හඳුනාගත් මෙම වැඩසටහනට 2014 වර්ෂයේ AMCHAM-Ball වෙතින් කොටසක් පරිත්‍යාග කරන ලදී.[12]
  • රෝයල් කලම්බෝ ගොල්ෆ් ක්ලබ් හි සහකාර සහ සුළු සේවක කාර්ය මණ්ඩලයේ දරුවන් හට පාසල් උපකරණ ලබා දෙන ලදී (2013).[13]

වෙනත්

"එක්සත් ජනපද හා ශ්‍රී ලංකා රජයන්, වෙළඳ ආයතන, ජාතික හා කලාපීය වාණිජ මණ්ඩලවල තීරණ ගන්නන් සමඟ සමීප සබඳතා පවත්වා ගෙන යන" බව AMCHAM ශ්‍රී ලංකා අවධාරණය කරයි.[1] ඔවුන්ගේ පසුගිය උත්සව අවස්ථා වලට සම්බන්ධ වූ විශේෂිත දේශපාලනඥයන් සහ රජයේ නිලධාරීන් (වර්ෂය සහ එවකට ඔවුන් දරන ලද තනතුර සමග) පහත පරිදි වේ.

  • හර්ෂ ද සිල්වා (2015, 2016 - විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය)[14][15][16] (2015 - ප්‍රතිපත්ති සැලසුම් හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය)[17][18]
  • ප්‍රේමා කුරේ (2016 - සභාපති, ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශය)[19]
  • රනිල් වික්‍රමසිංහ (2015 - අග්‍රාමාත්‍ය)[17]
  • අර්ජුන රණතුංග (2015 - වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය)[17]
  • රවුෆ් හකීම් (2015 - නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය)[17]
  • රුවන් විජේවර්ධන (2015 - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය)[17][18]
  • මහින්ද සමරසිංහ (2015 - මුදල් රාජ්‍ය අමාත්‍ය)[17]
  • රෝසි සේනානායක (2015 - ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය)[17]
  • පාඨලී චම්පික රණවක (2015 - විදුලිබල හා බලශක්ති අමාත්‍ය)[18]
  • රාජිත සේනාරත්න (2015 - සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය)[18]
  • රජීව විජේසිංහ (2015 - උසස් අධ්‍යාපන අමාත්‍ය)[18]
  • රසීන් සැලි (2015 - ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ සභාපති, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ උපදේශක සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රමගේ වෙළඳ කටයුතු සම්බන්ධ උපදේශක )[20]

TobaccoUnmasked සම්පත්

පිටුවට අදාළ බාහිර සබැඳිය

ශ්‍රී ලංකාවේ ඇමරිකානු වාණිජ මණ්ඩලය

මූලාශ්‍ර

  1. 1.0 1.1 1.2 1.3 1.4 American Chamber of Commerce Sri Lanka. Home Page, 2017, accessed March 2017
  2. AMCHAM Sri Lanka. Board of Directors, 2017, accessed March 2017
  3. AMCHAM Sri Lanka. AmCham Appoints President & New Board of Directors for 2014/2015 (2014-10-20 ), Undated, accessed March 2017
  4. Transparency Register. British American Tobacco, 03 January 2017, accessed March 2017
  5. TobaccoFreeKids.org. Tobacco Company Members by AMCHAM Chapter, 2015, accessed March 2017
  6. S. Sirimane. USAID invests US$ 19 mn for youth empowerment, Daily News, 06 September 2018, accessed September 2018
  7. 7.0 7.1 7.2 7.3 AMCHAM Sri Lanka. Counterfeit and Piracy The far reaching consequences on our lives & the economy, 2017, accessed March 2017
  8. 8.0 8.1 TobaccoTactics.org. The American Chamber of Commerce to the European Union, 10 December 2013, accessed March 2017
  9. TobaccoTactics.org. EU Tobacco Products Directive Revision, 28 February 2017, accessed March 2017
  10. 10.0 10.1 AMCHAM Sri Lanka. 17th AmCham-FedEx Golf Tournament, 2016-08-27, Undated, accessed March, 2017
  11. AMCHAM Sri Lanka. The 23rd Annual General Meeting, Undated, accessed March, 2017
  12. AMCHAM Sri Lanka. Felicitating Our Sponsors of the 16th AmCham Ball 2014 – AmCham Networking Event, 2014-09-10, Undated, accessed March, 2017
  13. AMCHAM Sri Lanka. The 14th Annual AmCham RCGC Golf Tournament Charity Donation, 2013-12-09, Undated, accessed March, 2017
  14. AMCHAM Sri Lanka. Breakfast meeting with Mr. Michael Delaney, Assistant U.S. Trade Representative (A/USTR) and Mr. Arun Kumar, Assistant Secretary, U.S. Department of Commerce, 2016-09-02, Undated, accessed March 2017
  15. AMCHAM Sri Lanka. US Trade Show 2015, 2015-11-17, Undated, accessed March 2017
  16. 16.0 16.1 16.2 AMCHAM Sri Lanka. Interactive Luncheon Meeting with Mr. Richard Armitage and Ms. Kara Bue, 2015-09-08, Undated, accessed March 2017
  17. 17.0 17.1 17.2 17.3 17.4 17.5 17.6 17.7 AMCHAM Sri Lanka. "The Prime Minister Speaks", 2015-04-08, Undated, accessed March 2017
  18. 18.0 18.1 18.2 18.3 18.4 18.5 AMCHAM Sri Lanka. “Sri Lanka - the way Forward! – What’s in Store for the Business Community?”, 2015-02-24, Undated, accessed March 2017
  19. AMCHAM Sri Lanka. AmCham - SLCB Road Show in India to Promote MICE (Meetings, Incentive Travel, Conferences and Events), 2016-04-08, Undated, accessed March 2017
  20. AMCHAM Sri Lanka. The Importance of TPP to Sri Lanka, 2015-12-17, Undated, accessed March 2017