ශ්‍රී ලංකාවේ දුම්කොළ කර්මාන්තයේ බලපෑම් පිළිබඳ සාරාංශය - 2022 ජුනි 01 සිට 2023 මැයි 31 දක්වා

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

මෙම පිටුව, ශ්‍රී ලංකාවේ වාර්තා වූ දුම්කොළ කර්මාන්තයේ බලපෑම් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සාරාංශ කරන ලිපි මාලාවක පළමු පිටුව වන අතර එය ජූලි 7 වන දිනට යෙදෙන CCT හි සංවත්සරය සැමරීම සඳහා වාර්ෂිකව පළ කෙරේ. මෙම පිටුව දුම්කොළ කර්මාන්තයේ බලපෑම් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් 2022 ලෝක දුම්කොළ විරෝධී දිනයේ සිට මාස 12ක කාලයක් තුළ වාර්තා කරයි. දුම්කොළ කර්මාන්තය විසින් කංසා කර්මාන්තය සඳහා ප්‍රධාන වශයෙන් අනුග්‍රහය දක්වන බැවින් අදාළ අවස්ථාවලදී කංසා කර්මාන්තයේ බලපෑම් ද මෙම පිටු මාලාව තුල අන්තර්ගත වනු ඇත.

සාරාංශය

2022 සැප්තැම්බර් 30 දක්වා වාර්තා වූ දුම්කොළ සහ කංසා කර්මාන්තයේ බලපෑම් සහ ක්‍රියාකාරකම් 1 වගුවෙහි සාරාංශගත කරයි.

වගුව 1: වාර්තා වූ දුම්කොළ සහ කංසා කර්මාන්තයේ බලපෑම් සහ ක්‍රියාකාරකම්වල සාරාංශය

දුම්කොළ සමාගම සිදුවීම් ගණන
ලංකා දුම්කොළ සමාගම (CTC) 4
ඉන්දියාවේ ITC ලිමිටඩ් 1

වාර්තා වූ සිදුවීම් වල සාරාංශය පහත දැක්වේ. වැඩි විස්තර සඳහා කරුණාකර අදාළ පිටු වෙත පිවිසෙන්න.

2022 ජූනි

  • ITC හි අනුබද්ධිත වෙල්කම් හොටෙල්ස් ලංකා පුද්ගලික සමාගම යටතේ ඇති ඉදිකිරීම් ව්‍යාපෘතියට ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් බලපෑම් එල්ල වූ බවට ඉන්දියාවේ ITC ලිමිටඩ් නිවේදනය කළේ ය. ඇමරිකානු ඩොලර් මිලියන 300 ක වටිනාකමෙන් යුත් මෙම ව්‍යාපෘතිය හෝටල් ක්ෂේත්‍රයේ පළමු ITC විදේශීය ව්‍යාපාරය වන බවට වාර්තා වේ. මහල් 50 ක නේවාසික කුළුණ සහ මහල් 30 ක හෝටල් කුළුණ ඇතුළු සමහර ව්‍යුහයන්ගේ ඉදිකිරීම් දුෂ්කරතා මධ්‍යයේ වුවද නිම කර ඇති බව මාධ්‍ය වාර්තා කළේය (රූපය 1).).[2][3]
රූපය 1: ශ්‍රී ලංකාවේ කොළඹ නගරයෙහි සිදුවන ITC හි ඉදිකිරීම් ව්‍යාපෘතියේ ප්‍රගතිය වාර්තා කරන මාධ්‍ය [3]

2022 ජූලි

ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් 2022 පළමු කාර්තුවේ විකුණුම් පරිමාව 2021 වසරේ එම කාල සීමාවට සාපේක්ෂව 5% කින් වැඩි වූ බව 2022 මැයි මාසයේදී ප්‍රකාශ කළේය. 2022 ජුනි 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සිගරට්ටුවක මිල රුපියල් 5 කින් ඉහළ දමා ඇත.
රූපය 2: ඉදිරි වසර දෙක තුළ CTC හි ඇස්තමේන්තුගත දළ ආදායම ඉහල යන බවට යන බව වාර්තා කරන මාධ්‍ය[4]

2022 අගෝස්තු

  • 2022 වසරේ දෙවන කාර්තුව තුළ ලංකා දුම්කොළ සමාගමෙහි (CTC) පිරිවැටුම රු. බිලියන 42.3 ක් (ආසන්න වශයෙන් USD මිලියන 120) දක්වා 41% කින් වර්ධනය වී ඇති බව නිවේදනය කළේය. දෙවන කාර්තුව තුළ බදු ගෙවීමෙන් පසු ලාභය රු. බිලියන 3.4 (ආසන්න වශයෙන් USD මිලියන 9.5) ක් ලෙස වාර්තා විය. 2021 වසරේ එම කාලය සඳහා එය රු. බිලියන 3.9 ක් (ආසන්න වශයෙන් USD මිලියන 11) ලෙස වාර්තා විය.[5]
රූපය 3: දෙවන කාර්තුව තුළ ලංකා දුම්කොළ සමාගමෙහි ලාභය අඩු වූ බව මාධ්‍ය වාර්තා කරයි[5]

2022 සැප්තැම්බර්

කිසිදු සිදුවීමක් වාර්තා වී නොමැත.

TobaccoUnmasked සම්පත්

මූලාශ්‍ර

  1. Economy Next. Sri Lanka shares slump to one-month low; foreigners exit after PM’s cautioning, 7 June 2022, accessed June 2022
  2. I A Dutt. ITC's luxury project in Colombo hit by headwinds as Sri Lanka economy sinks, 23 June 2022, accessed June 2022
  3. 3.0 3.1 Daily Mirror online. ITC One Colombo development achieves key milestones towards 2023 completion, 10 June 2022, accessed June 2022
  4. 4.0 4.1 The Island Online. Ceylon Tobacco Company PLC: Fags ignite bottom-line boost, 11 July 2022, accessed August 2022
  5. 5.0 5.1 Daily FT. Ceylon Tobacco 2Q topline up, profit down, 15 August 2022, accessed October 2022
  6. Ada derena. CSE’s Third ‘Beyond Basics’ Forum to focus on Fundamentals of Climate Disclosure and Action, 1 August 2022, accessed October 2022