සිගරට් අසුරණ මත රූපමය අවවාද: ලංකා දුම්කොළ සමාගම නඩු මගට
Contents
පසුබිම
2012 වසරේ දී එවකට ශ්‍ර්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිගරට් අසුරණ මත 80% ක රූපමය අවවාද මුද්‍රණය සඳහා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.[1][2] එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුව (FCTC) (වගන්ති අංක 11: දුම්කොළ නිෂ්පාදන ඇසුරුම් කිරීම සහ ලේබල් කිරීම) අනුගත වූ විද්‍යාත්මකව පිළිගත් දුම්කොළ නිවාරණ ක්‍රමයකි.[3]

කර්මාන්ත ප්‍ර්‍රතිචාර
ශ්‍ර්‍රී ලංකාවේ එකම සිගරට් නිෂ්පාදකයා වන ලංකා දුම්කොළ සමාගම (CTC),සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ලබා දුන් නියෝගය අහෝසි කිරීම සඳහා අධිකරණ ක්‍රියාවලියකට අවතීර්ණ විය. මෙම නීතිමය අභියෝගය අධිකරණයේ දී විවිධ මට්ටමින් සාකච්ඡා කරන ලද අතර අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණයට ලඟා විය. විනිසුරුවරුන් තිදෙනෙකුගේ විනිශ්චය මණ්ඩලයක් ඉදිරිපිට ශ්‍රේෂ්ඨාධිකරණයට හමුවේ නඩුව විභාගයට ගනු ලැබුවේ අගවිනිසුරු මොහාන් පීරිස්, මහාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ සහ විනිසුරු සිසිර ජේ ද ආබ්රෑ විසිනි.[5]
අධිකරණ ක්‍රියා මාර්ගයේ ප්‍රතිඵලය
ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්වී අවුරුදු දෙකකට පසුව එනම් 2014 ජූලි මස ලැබූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් රූපමය අවවාද ප්‍රමාණය 60% දක්වා අඩුකිරීමටත් එය ක්‍රියාත්මක කිරීම 2015 ජනවාරි දක්වා ප්‍රමාද කිරීමටත් නියම විය.[6]
TobaccoUnmasked සම්පත්
මූලාශ්‍ර
- ↑ Gazette of the Democratic Socialist Republic of Sri Lanka (Extraordinary). Tobacco Products (Labelling and Packaging) Regulations, No. 01 of 2012, 08 August 2012, accessed March 2017
- ↑ M Peiris. Controversy over pictorial health warnings covering the front and back of the tobacco packs, Asian Tribune, 26 March 2013, accessed March 2017
- ↑ FCTC Secretariat Website. Guidelines for implementation of Article 11 - Packaging and labeling of tobacco products, 2008, accessed March 2017
- ↑ FCTC Secretariat website. Sri Lanka adopts huge picture warnings, undated, accessed July 2017
- ↑ Colombo Page, Ceylon Tobacco not to implement pictorial warnings until Supreme Court ruling on July 11, 01 July 2014, accessed April 2017
- ↑ AB Gilmore, G Fooks, J Drope, SA Bialous, RR Jackson. [https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC4382920/ Exposing and addressing tobacco industry conduct in low and middle income countries. Lancet, 2015;385(9972):1029-1043, accessed March 2017