COVID-19 වසංගතය තුළ ගෝලීයව වාර්තා වූ දුම්කොළ කර්මාන්තයේ බලපෑම් - 2020 නොවැම්බර්

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

මෙය COVID-19 වසංගතය තුළ ගෝලීයව වාර්තා වූ දුම්කොළ කර්මාන්තයේ බලපෑම් යන අපගේ පිටුව ඉදිරියට පවත්වා ගෙන යාමක් වන අතර එහි 2020 නොවැම්බර් මාසය තුළ වාර්තා වූ සිදුවීම් සාරාංශ ගත කරයි. නොවැම්බර් මාසයට අදාළ සිදුවීම් වාර්තා වන අවස්ථාවලදී මෙම පිටුව අඛණ්ඩව යාවත්කාලීන කරනු ලැබේ.

ශ්‍රී ලංකාව සම්පුර්ණයෙන් ම වසා දැමීම ආරම්භ කළ දිනය වන 2020 මාර්තු 13 වන දින සිට වාර්තා වූ සිදුවීම් 1 වන වගුවේ සාරාංශ ගත කර ඇති අතර එය COVID-19 වසංගතය තුළ ගෝලීයව වාර්තා වූ දුම්කොළ කර්මාන්තයේ බලපෑම් අධීක්ෂණය කිරීම ආරම්භ කළ දිනයයි.

වගුව 1: COVID-19 වසංගතය අතරතුර වාර්තා වූ දුම්කොළ කර්මාන්තයේ බලපෑම් වල සාරාංශය

දුම්කොළ සමාගම වාර්තා වූ රටවල් සිදුවීම් ගණන
බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) දකුණු අප්‍රිකාව, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, බ්‍රසීලය, කෙන්යාව, බංග්ලාදේශය, ක්‍රොඒෂියාව, මෙක්සිකෝව, නයිජීරියාව, හොන්ඩුරාස්, රුසියාව, මැලේසියාව, සිම්බාබ්වේ 63
පිලිප් මොරිස් ඉන්ටර්නැෂනල් (PMI) බ්‍රසීලය, කොස්ටාරිකාව, ග්‍රීසිය, තුර්කිය, ඉතාලිය, පිලිපීනය, බල්ගේරියාව, යුක්‍රේනය, ජෝර්ජියාව, රුසියාව 35
ජැපෑන් ටුබැකෝ ඉන්ටර්නැෂනල් (JTI) එක්සත් රාජධානිය, බංග්ලාදේශය, තුර්කිය, මැලේසියාව, පිලිපීනය, රුසියාව, දකුණු අප්‍රිකාව, සැම්බියාව 26
ඇල්ට්‍රියා සමූහය ඇමරිකා එක්සත් ජනපදය 23
ඉම්පීරියල් ටුබැකෝ රුසියාව 15
ඉන්දියාවේ ITC ලිමිටඩ් ඉන්දියාව 12
රෙනෝල්ඩ්ස් ඇමරිකන් ඇමරිකා එක්සත් ජනපදය 7
MVR ප්‍රෝඩක්ට්ස් ඇමරිකා එක්සත් ජනපදය 1
කොරියා ටුබැකෝ ඇන්ඩ් ජින්සෙන්ග් කෝපරේෂන් (KT&G) ඉන්දුනීසියාව, තුර්කිය, රුසියාව 6
ඉන්දියාවේ ගොඩ්ප්‍රි ෆිලිප්ස් ඉන්දියාව 3
ලංකා දුම්කොළ සමාගම (CTC) ශ්‍රී ලංකාව 3
හොන්ගුන්හොන්හේ දුම්කොළ (සමූහය) - 2
ජරම් ඉන්දුනීසියාව 2
PT HM සම්පෝනා ඉන්දුනීසියාව 1
7 හිල්ස් මනික්චන්ද් ප්‍රොඩක්ට්ස් පුද්ගලික සමාගම ඉන්දියාව 1
ඩෙකෑන් ටුබැකෝ ඉන්දියාව 1
විනටාබා දුම්කොළ සමාගම වියට්නාමය 1
ජාත්‍යන්තර දුම්කොළ සමාගම නයිජීරියාව 1
LT සමූහය පිලිපීනය 1
චීන දුම්කොළ සමාගම චීනය 1
ගැමුචි-Gamucci එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ආසියාව, අප්‍රිකාව 1
බාර්කෝ වෙළඳ සමාගම ඇන්ගෝලාව 1
පෑන් ඇෆ්රිකා දුම්කොළ සමූහය ඇන්ගෝලාව 1
සමාගම නිශ්චිතව දක්වා නොමැති හෝ සමාගම් වෙනුවෙන් පෙනී සිටින කණඩායම් හරහා බලපෑම් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බංග්ලාදේශය, සිම්බාබ්වේ, මැලේසියාව, ඕස්ට්‍රේලියාව, ලෙබනනය, සෙනගාලය, ශ්‍රී ලංකාව, ප්‍රංශය, මියන්මාරය, චිලී රාජ්‍ය, දකුණු අප්‍රිකාව, කෙන්යාව, භූතානය 37

34 වන සතිය: 2020 නොවැම්බර් 2 සිට 8 දක්වා

  • COVID-19 වසංගතය තුළ දුම්කොළ නිෂ්පාදන සඳහා බදු වැඩි කිරීම හේතුවෙන් තම සිගරට් අලෙවිය අඩු කිරීමට දායක වෙමින් නීති විරෝධී සිගරට් වෙළඳාම ඉහළ ගොස් ඇති බවට මැලේසියාවේ ජැපෑන් ටුබැකෝ ඉන්ටර්නැෂනල් (JTI) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. ඔවුන් පිලිපීනයේ ද එවැනිම ප්‍රකාශයක් නිකුත් කළ බව මාධ්‍ය වාර්තා කළේය.[1]
රූපය 1: ජේටීඅයි මැලේසියාව “නීති විරෝධී සිගරට් වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ඉල්ලා සිටින” බව මැලේෂියන් රිසර්ව් වාර්තා කරයි.[1]
  • මේ සතියේ දී ද වෙළඳපල පර්යේෂණ ආයතන කිහිපයක් COVID-19 දුම්කොළ කර්මාන්තයට ඇති කරන බලපෑම පිළිබඳ වාර්තා නිකුත් කළේය.
    • COVID-19 වසංගතය, ඉලෙක්ට්‍රොනික සිගරට් සහ වාෂ්ප වෙළඳපලට සිය ව්‍යාපාර උපක්‍රම වෙනස් කිරීමට සහ ඔවුන්ගේ නිෂ්පාදන නව්‍යකරණය කිරීමට නායකත්වය දුන් බව ඩේටාඉන්ටෙලෝ වෙළඳපල පර්යේෂණ සමාගම් වාර්තාවේ සඳහන් වේ. COVID-19 වසංගතය ඉලෙක්ට්‍රොනික සිගරට් සහ වාෂ්ප වෙළඳපල කර්මාන්තයට ලාභදායී අවස්ථාවන් නිර්මාණය කර ඇති බව එහි තවදුරටත් වාර්තා විය.[2]
    • ෆියුචරිස්ටික් වෙළඳපල පර්යේෂණ වාර්තාවේ සඳහන් වූයේ COVID-19 වසංගතය අතරතුර සැහැල්ලු සිගරට් වෙළඳපොල දකුණු කොරියාව, තායිවානය, උතුරු ඇමරිකාව, යුරෝපය, කැනඩාව, ජර්මනිය, ප්‍රංශය, අග්නිදිග ආසියාව, මෙක්සිකෝව සහ බ්‍රසීලය, පැසිෆික් හා ලතින් ඇමරිකාව, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, රුසියාව, චීනය සහ ජපානය යන රටවල සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බවයි.[3]

35 වන සතිය: 2020 නොවැම්බර් 9 සිට 15 දක්වා

  • ලංකා දුම්කොළ සමාගම (CTC) නිවේදනය කළේ 2020 සැප්තැම්බර් මාසයේ දී ඔවුන්ගේ සිගරට් අලෙවිය “කොවිඩ් -19 වසංගතයට පෙර පැවති මට්ටම” දක්වා යථා තත්ත්වයට පත්ව ඇති බවත් එය පෙර වසරට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බවත්ය. මිල ඉහළ යාමෙන් පසු ඔවුන්ගේ ආදායම (බදු සමඟ) ලංකා රුපියල් බිලියන 44.5 ක් දක්වා 26% කින් වර්ධනය වූ බවත් රජයේ බදු ආදායම ලංකා රුපියල් බිලියන 26 සිට බිලියන 33 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඔවුහු අවධාරණය කළහ.[4]
රූපය 2: ශ්‍රී ලංකාවේ සිගරට් අලෙවිය සැප්තැම්බර් මාසයේදී පූර්ව COVID-19 මට්ටමට ආසන්නව ඇති බවත්, බදු ආදායම් ඉහළ ගොස් ඇති බවත් ඉකොනොමි නෙක්ස්ට් වාර්තා කරයි.[1]
රූපය 3: මෙඩිකාගෝ හි කොරෝනා වෛරසයට එරෙහි එන්නත් ව්‍යාපෘතියට කැනේඩියානු රජයේ සහාය ලබා දෙන බවට රොයිටර් ටොරොන්ටෝ වාර්තා කරයි.[5]

36 වන සතිය: 2020 නොවැම්බර් 16 සිට 22 දක්වා

  • කැම්පේන් ෆොර් ටෝබකෝ ෆ්‍රී කිඩ්ස් (Campaign for Tobacco-Free Kids) හි සහය ඇතිව ග්ලෝබල් හෙල්ත් ඇඩ්වකසි ඉන්කියුබේටර් (Global Health Advocacy Incubator) විසින්, “[GHAI-Facing-Two-Pandemics-Report-November-2020.pdf වසංගත දෙකකට මුහුණ දීම: COVID-19 සමයේ දැවැන්ත ආහාර කර්මාන්තයන් මහජන සෞඛ්‍යයට හානි කළ අයුරු (Facing Two Pandemics: How Big Food Undermined Public Health in the Era of COVID-19)]" නමින් වාර්තාවක් පළ කළ අතර විශාල ආහාර කර්මාන්තයන් දුම්කොළ කර්මාන්තයට සමාන උපක්‍රම භාවිතා කළ බවට වාර්තා කළේය.[6]

37 වන සතිය: 2020 නොවැම්බර් 23 සිට 29 දක්වා

  • COVID-19 හේතුවෙන් රජයට සිදුවී ඇති මූල්‍යමය අලාභය පියවා ගැනීම සඳහා සමාගම්වලට බදු ගෙවන ලෙස නිර්දේශ කරන ලද වාර්තාවකට පසුව, STOP ව්‍යාපෘතිය මගින් දුම්කොළ කර්මාන්තයෙන් නිසි පරිදි බදු එකතු කිරීමේ වැදගත්කම අවධාරණය කරන ලදී.[9][10]

TobaccoUnmasked සම්පත්

වෙනත් අදාළ TobaccoUnmasked පිටු

මූලාශ්‍ර

  1. 1.0 1.1 1.2 H Azman. JTI Malaysia calls for concrete action against illicit cigarettes, The Malaysian Reserve, 2 November 2020, Accessed October 2020
  2. Alex. E-cigarette and Vape Market Is Thriving Worldwide | Altria Group, Inc., British American Tobacco, Imperial Brands, International Vapor Group, Japan Tobacco, International, NicQuid, Philip Morris International Inc., R.J. Reynolds Vapor Company, Shenzhen IVPS Technology Co., Ltd., Shenzhen KangerTech Technology Co., Ltd., TECHNOWEEKLY, 4 November 2020, Accessed November 2020
  3. R Mark. Light Cigarettes Market Business Opportunities, Future Scope and Covid-19 Impact by 2026 | CHINA TOBACCO, Altria Group, British American Tobacco and Others PRnewsleader, 4 November 2020, Accessed December 2020
  4. economynext. Sri Lanka cigarette sales near pre-Covid-19 levels in Sept, tax revenues up, 11 November 2020, Accessed November 2020
  5. 5.0 5.1 Reuters Toronto. Medicago's coronavirus vaccine projects backed by Canadian govt, 13 November 2020, Accessed December 2020
  6. Global Health Advocacy Incubator. [GHAI-Facing-Two-Pandemics-Report-November-2020.pdf Facing Two Pandemics How Big Food Undermined Public Health in the Era of COVID-19], Accessed December 2020
  7. T,Reuters. Big Tobacco gets a pandemic pick-me-up, KFGO, 19 November 2020, Accessed October 2020
  8. A Chester. My top 3 FTSE 100 shares to buy in December Yahoo Finance, 28 November 2020, Accessed October 2020
  9. Recovering rights. Topic three | progressive tax measures to realize rights, June 2020, Accessed December 2020
  10. STOP. Big Tobacco, Big Tax Avoidance, November 2020, Accessed December 2020