COVID-19 වසංගතය තුළ ගෝලීයව වාර්තා වූ දුම්කොළ කර්මාන්තයේ බලපෑම් - 2021 නොවැම්බර්

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

මෙය COVID-19 වසංගතය තුළ ගෝලීයව වාර්තා වූ දුම්කොළ කර්මාන්තයේ බලපෑම් යන අපගේ පිටුව ඉදිරියට පවත්වා ගෙන යාමක් වන අතර එහි 2021 නොවැම්බර් මාසය තුළ වාර්තා වූ සිදුවීම් සාරාංශ ගත කරයි. ඔක්තෝම්බර් මාසයට අදාළ සිදුවීම් වාර්තා වන අවස්ථාවලදී මෙම පිටුව අඛණ්ඩව යාවත්කාලීන කරනු ලැබේ.

2021 නොවැම්බර් 30 දිනට වාර්තා වූ බලපෑම් වල සාරාංශය

ශ්‍රී ලංකාව සම්පුර්ණයෙන් ම වසා දැමීම ආරම්භ කළ දිනය වන 2020 මාර්තු 13 වන දින සිට වාර්තා වූ සිදුවීම් 1 වන වගුවේ සාරාංශ ගත කර ඇති අතර එය COVID-19 වසංගතය තුළ ගෝලීයව වාර්තා වූ දුම්කොළ කර්මාන්තයේ බලපෑම් අධීක්ෂණය කිරීම ආරම්භ කළ දිනයයි.

වගුව 1: COVID-19 වසංගතය අතරතුර වාර්තා වූ දුම්කොළ කර්මාන්තයේ බලපෑම් වල සාරාංශය

දුම්කොළ සමාගම වාර්තා වූ රටවල් සිදුවීම් ගණන
බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) දකුණු අප්‍රිකාව, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, බ්‍රසීලය, කෙන්යාව, බංගලාදේශය, ක්‍රොඒෂියාව, මෙක්සිකෝව, නයිජීරියාව, හොන්ඩුරාස්, රුසියාව, මැලේසියාව, සිම්බාබ්වේ, උගන්ඩාව, ග්‍රීසිය, කැනඩාව, ඉතාලිය, අයර්ලන්තය, ඊජිප්තුව, නවසීලන්තය, පිලිපීනය, බෙලාරුස්, බෙල්ජියම, ඕස්ට්‍රේලියාව, ඉරානය, රුමේනියාව, නැමීබියාව, පකිස්ථානය, දකුණු කොරියාව, උස්බෙකිස්තානය, බුරුන්ඩි, කොමරෝස්, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, මලාවි, රුවන්ඩා, සුඩානය, ටැන්සානියාව, සැම්බියාව, ප්‍රංශය,ජපානය, මියන්මාරය 196
පිලිප් මොරිස් ඉන්ටර්නැෂනල් (PMI) බ්‍රසීලය, කොස්ටාරිකාව, ග්‍රීසිය, තුර්කිය, ඉතාලිය, පිලිපීනය, බල්ගේරියාව, යුක්‍රේනය, ජෝර්ජියාව, රුසියාව, බර්කිනා ෆාසෝ, ඩෙන්මාර්කය, පෙන්සිල්වේනියාව, ස්විට්සර්ලන්තය, චෙක් ජනරජය, ජපානය, ඇස්ටිපේලියා, ලා ග්රේසියෝසා, එක්සත් එක්සත් ජනපදය, නෙදර්ලන්තය, එක්සත් රාජධානිය, නයිජීරියාව, රුමේනියාව, ඩුබායි,ඕස්ට්‍රේලියාව 103
ඇල්ට්‍රියා සමූහය ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ස්විස්ටර්ලන්තය 71
ජැපෑන් ටුබැකෝ ඉන්ටර්නැෂනල් (JTI) එක්සත් රාජධානිය, බංගලාදේශය, තුර්කිය, මැලේසියාව, පිලිපීනය, රුසියාව, දකුණු අප්‍රිකාව, සැම්බියාව, ජපානය, රුමේනියාව, ජර්මනිය, කාම්බෝජය, ග්‍රීසිය, ඉරානය, ලක්සම්බර්ග්, නයිජීරියාව, මලාවි, ටැන්සානියාව, ඇමරිකා එක්සත් ජනපදය 72
ඉම්පීරියල් ටුබැකෝ රුසියාව, ඊජිප්තුව, යුක්රේනය, ග්‍රීසිය, චෙක් ජනරජය, ඇමරිකා එක්සත් ජනපදය 33
ඉන්දියාවේ ITC ලිමිටඩ් ඉන්දියාව 73
කොරියා ටුබැකෝ ඇන්ඩ් ජින්සෙන්ග් කෝපරේෂන් (KT&G) ඉන්දුනීසියාව, තුර්කිය, රුසියාව, ආර්මේනියාව, සර්බියාව, කසකස්තානය, කිර්ගිස්තානය 7
ලංකා දුම්කොළ සමාගම (CTC) ශ්‍රී ලංකාව 12
රෙනෝල්ඩ්ස් ඇමරිකන් ඇමරිකා එක්සත් ජනපදය 7
යුනිවර්සල් කෝපරේෂන් ඇමරිකා එක්සත් ජනපදය 2
VMR ප්‍රෝඩක්ට්ස් ඇමරිකා එක්සත් ජනපදය 2
RJ රෙනෝල්ඩ්ස් දුම්කොළ සමාගම ඇමරිකා එක්සත් ජනපදය 5
ඉන්දියාවේ ගොඩ්ප්‍රි ෆිලිප්ස් ඉන්දියාව 3
ජරම් ඉන්දුනීසියාව 2
PT HM සම්පෝනා ඉන්දුනීසියාව 1
හොන්ගුන්හොන්හේ දුම්කොළ (සමූහය) - 2
7 හිල්ස් මනික්චන්ද් ප්‍රොඩක්ට්ස් පුද්ගලික සමාගම ඉන්දියාව 2
ඩෙකෑන් ටුබැකෝ ඉන්දියාව 1
විනටාබා දුම්කොළ සමාගම වියට්නාමය 1
ජාත්‍යන්තර දුම්කොළ සමාගම නයිජීරියාව 1
LT සමූහය පිලිපීනය 1
චීන දුම්කොළ සමාගම චීනය, ලතින් ඇමරිකාව 4
ගැමුචි-Gamucci එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ආසියාව, අප්‍රිකාව 1
ජූල් ලැබ්ස් ඇමරිකා එක්සත් ජනපදය 6
ස්වෙඩිෂ් මැච් ස්වීඩනය 3
පිලිප් මොරිස් ෆෝර්චුන් ටුබැකෝ කෝපරේෂන් (PMFTC) පිලිපීනය 2
ෆෙරියෝ ටෙගෝ සුරුට්ටු සමාගම ඇමරිකා එක්සත් ජනපදය 1
RJ රෙනෝල්ඩ්ස් වේපර් සමාගම ඇමරිකා එක්සත් ජනපදය 1
ගෝල්ඩ් ලීෆ් ටුබැකෝ කෝපරේෂන් දකුණු අප්‍රිකාව 1
බාර්කෝ වෙළඳ සමාගම ඇන්ගෝලාව 1
පෑන් ඇෆ්රිකා දුම්කොළ සමූහය ඇන්ගෝලාව 1
සමාගම නිශ්චිතව දක්වා නොමැති හෝ සමාගම් වෙනුවෙන් පෙනී සිටින කණඩායම් හරහා බලපෑම් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බංගලාදේශය, සිම්බාබ්වේ, මැලේසියාව, ඕස්ට්‍රේලියාව, ලෙබනනය, සෙනගාලය, ශ්‍රී ලංකාව, ප්‍රංශය, මියන්මාරය, චිලී රාජ්‍ය, දකුණු අප්‍රිකාව, කෙන්යාව, භූතානය, පිලිපීනය, ග්‍රීසිය 43

86 වන සතිය : 2021 නොවැම්බර් 1 සිට නොවැම්බර් 7 දක්වා

  • 2021 ඔක්තෝම්බර් 6 වන දින ඕස්ට්‍රේලියානු ෆාමසි සඟරාවේ නිකොටින් වාෂ්පීකරණ නිෂ්පාදන පිළිබඳ ප්‍රකාශනයකට අනුග්‍රහය දැක්වූ බවට පිලිප් මොරිස් ඉන්ටර්නැෂනල් (PMI) වෙත චෝදනා එල්ල විය. වාර්තා වන පරිදි ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනික සහ පර්යේෂණ වැඩසටහන් සපයන වෘත්තීය සංවිධානයක් වන Australasian College of Pharmacy හි ප්‍රධාන ඖෂධවේදියෙකු විසින් මෙය සම්පාදනය කර ඇති අතර 2021 නොවැම්බරයේ සංසරණයෙන් පසුව එය ඉවත් කර ඇත.[1]
දුම්කොළ කර්මාන්තය ඔවුන්ගේම "සාක්ෂි" නිෂ්පාදනය කිරීම සහ අදාළ මහජන සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ දුම්කොළ පාලන ක්‍රියාමාර්ග කෙරෙහි බලපෑම් කිරීම සඳහා විද්‍යාව හැසිරවීම සඳහා ප්‍රසිද්ධය.
  • විද්‍යුත් සිගරට් සහ අනෙකුත් ආශ්වාස කරන නිකොටින් අඩංගු නිෂ්පාදන (NCPs) සඳහා වෛද්‍ය බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා වන එක්සත් රාජධානියේ රජයේ සැලැස්මට පිලිප් මොරිස් ඉන්ටර්නැෂනල් (PMI) ඔවුන්ගේ සහය ප්‍රකාශ කළේය. ඖෂධයක් ලෙස බෙහෙත් වට්ටෝරුවක් හරහා විද්‍යුත් සිගරට් නිකුත් කරන ලොව පළමු රට බවට එක්සත් රාජධානිය පත් වනු ඇත.[2]
රූපය 1: උණුසුම් කරන නිෂ්පාදන සඳහා වෛද්‍ය බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා වන එක්සත් රාජධානියේ රජයේ සැලැස්මට පිලිප් මොරිස් ඉන්ටර්නැෂනල් (PMI) සහය ප්‍රකාශ කිරීම.[2]
  • පිලිප් මොරිස් ඉන්ටර්නැෂනල් (PMI) විසින් දහනය කළ හැකි සිගරට් නිෂ්පාදනවලින් උණුසුම් කරන දුම්කොළ නිෂ්පාදන වෙත මාරු වන අතරම, වාර්තා වන පරිදි සමාගමේ පාරිසරික තිරසාරභාවය සඳහා වූ සැලැස්මක් වන “අඩු කාබන් සංක්‍රමණ සැලැස්ම (LCTP)” නිවේදනය කළේය. 2025 වසර වන විට මෙහෙයුම් වලදී කාබන් උදාසීනත්වය ලබා ගැනීමට ඔවුන් බලාපොරොත්තු වන බව එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.[3]
සිගරට් සහ එහි නිෂ්පාදන ක්‍රියාවලිය ගෝලීය උණුසුම ඇතුළු පරිසරයට අහිතකර ලෙස බලපාන ආකාරය සහ ඒ අනුව මිනිස් සෞඛ්‍යයට බලපාන ආකාරය පිළිබඳ සාක්ෂි රාශියක් පවතී.
  • Roll Your Own (RYO) දුම්කොළ නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම වැඩි වීම හේතුවෙන් ජැපෑන් ටුබැකෝ ඉන්ටර්නැෂනල් (JTI) විසින් "Sterling Essential Rolling Tobacco" හි නව ග්‍රෑම් 50 හි ඇසුරුමක් එක්සත් රාජධානියේ හදුන්වා දී ඇති බවට වාර්තා වේ.[5]
  • ජපානයේ බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) 2022 වසරේ බදු ප්‍රතිසංස්කරණයේදී දුම්කොළ නිෂ්පාදන සඳහා බදු වැඩි කිරීමට රජයේ පාලක පක්ෂයට යෝජනාවක් ඉදිරිපත් කළේය. වාර්තා වූ ඉල්ලීම වූයේ BAT ඔවුන්ගේ වෙළඳාම සිගරට් වලින් උණුසුම් කරන නිෂ්පාදන වෙත මාරු කිරීමට සැලසුම් කරන හෙයින් උණුසුම් කරන දුම්කොළ නිෂ්පාදන සඳහා බද්ද සිගරට් වලට වඩා අඩු අනුපාතයකින් වැඩි කරන ලෙසයි.[7]
  • බංග්ලාදේශයේ බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) විශාල කර්මාන්ත කාණ්ඩය යටතේ "කාර්මික සංවර්ධනය සඳහා වූ ජනාධිපති සම්මානය 2019" ඒකාබද්ධව ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදී. “පෞද්ගලික අංශයට, රැකියා උත්පාදනයට සහ රටේ ආර්ථිකයට ඔවුන් දක්වන දායකත්වය වෙනුවෙන්” මෙම සම්මාන පිරිනමන බවට වාර්තා වේ. මාධ්‍ය විසින් වාර්තා කරන පරිදි මෙම අථත්‍ය සම්මාන උළෙලට ජනාධිපති අබ්දුල් හමීඩ් සහභාගී වීමට නියමිතය.[9]

87 වන සතිය : 2021 නොවැම්බර් 8 සිට නොවැම්බර් 14 දක්වා

දුම්කොළ සමාගම් ලෝකයේ බොහෝ රටවල නීති විරෝධී වෙළඳාම හා සම්බන්ධ වීම මනාව දන්නා කරුණකි. වැඩි විස්තර සඳහා කරුණාකර අපගේ ලංකා දුම්කොළ සමාගම විසින් තම කොටස් හිමියන් නොමඟ යැවීම: නීති විරෝධී සිගරට් පිළිබඳ ගැටළුව පිටුවට පිවිසෙන්න.
  • ඉන්දියාවේ ITC ලිමිටඩ් හි අනුබද්ධිත තොරතුරු තාක්ෂණ සේවා ආයතනයක් වන ITC ඉන්ෆොටෙක්, හාර්වඩ් ව්‍යාපාර පාසල සමඟ හවුල් වී ඉන්ෆොටෙක් හි වර්ක් ෆ්‍රොම් එනිවෙයර් -Work from Anywhere (I-WFA) රාමුව හඳුන්වා දුන් අතර එය පාරිභෝගිකයින් සහ සේවකයන් පදනම් කර ගත් මත බෙදා හැරීමේ වේදිකාවකි. .[11] ඉන්දියාවේ ITC ලිමිටඩ් යනු ඔවුන්ගේ ව්‍යාපාර වෙනත් ව්‍යාපාරවලට විවිධාංගීකරණය කළ ඉන්දියාවේ ප්‍රධාන දුම්කොළ සමාගම යි.
  • මියන්මාරයේ බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) විසින් “ව්‍යාපාරයේ දිගුකාලීන මෙහෙයුම් සහ වාණිජ ශක්‍යතාව” හේතුවෙන් 2021 වසර අවසානයේදී ඔවුන්ගේ මෙහෙයුම් අවසන් කිරීමේ සැලැස්ම ප්‍රකාශයට පත් කළ බවට වාර්තා වේ. BAT යනු පෙබරවාරි මාසයේ සිදු වූ කුමන්ත්‍රණයෙන් පසු මියන්මාරයෙන් පිටවන නවතම ප්‍රධාන බහුජාතික සමාගමයි. මීට පෙර 2003 දී, පසුගිය පාලන තන්ත්‍රය සමඟ ඔවුන්ගේ ගනුදෙනු මත පදනම්ව සිවිල් සමාජ ව්‍යාපාරවල බලපෑම් මත BAT හට මියන්මාරයෙන් පිටවීමට සිදු විය. 2013 වසරේ දී BAT මියන්මාරයේ සිය ව්‍යාපාරය නැවත ආරම්භ කළේය.[12]
  • බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමෙහි (BAT) තුර්කිය, කොකේසස් සහ උතුරු අප්‍රිකාව යන රට වල ප්‍රාදේශීය අධ්‍යක්ෂක ගෝඛාන් බිල්ජික් ඊජිප්තුවේ පැවති මාධ්‍ය හමුවකදී රත් වූ දුම්කොළ නිෂ්පාදන හඳුන්වා දීමේ සැලැස්ම ප්‍රකාශයට පත් කළේය. "සමාගමේ අපේක්ෂිත උපායමාර්ගය සහ දුම්කොළ සහ නිකොටින් නිෂ්පාදනවල බලපෑම් සහගත වෙනසක් සාක්ෂාත් කර ගැනීමේ සැලැස්ම සාකච්ඡා කරන ලද" ඊජිප්තුව, උතුරු අප්‍රිකාව, තුර්කිය, සයිප්‍රසය සහ කොකේසස් සඳහා BAT ප්‍රාදේශීය අධ්‍යක්ෂවරුන්ගේ ඊජිප්තුවේ පැවති රැස්වීමකින් පසුව මෙය සිදු වූ බව වාර්තා වේ. "තිරසාරභාවය" පිළිබඳව ඔවුන් ප්‍රධාන ලෙස අවධානය යොමු කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළ අතර, දුම්කොළ කර්මාන්තයේ තිරසාර බව රැකගැනීම සඳහා ව්‍යවස්ථාදායකය ඇතුළුව ඊජිප්තු රජය ගන්නා උත්සාහයන් අගය කළේය.[13]
  • 2020 තුන්වන කාර්තුවට සාපේක්ෂව 2021 එම කාර්තුව සඳහා බදු ගෙවීමට පෙර ලාභය රුපියල් බිලියන 8.5 සිට රුපියල් බිලියන 6.2 (27%) දක්වා අඩු වූ බව ලංකා දුම්කොළ සමාගම (CTC) නිවේදනය කළේය. එය 2020 වසරට සාපේක්ෂව රුපියල් බිලියන 31.7 ක ආදායම් අඩුවීමක් ද 28.9% ක ප්‍රතිශතයක් අඩුවීමක් ලෙස ද වාර්තා වේ. මෙම අඩුවීමට හේතුව ලෙස ශ්‍රී ලංකාවේ COVID වසංගතයේ තුන්වන රැල්ල සඳහා පනවා තිබූ සීමාවන් බවට මාධ්‍ය වාර්තාවේ සඳහන් විය.[14][15]
  • පිලිප් මොරිස් ඉන්ටර්නැෂනල් (PMI) හි ප්‍රධාන විධායක නිලධාරී ජාසෙක් ඔල්සාක්, ඇල්ට්‍රියා සමඟ නැවත ඒකාබද්ධ වීමේ හැකියාවක් පිළිබඳ මාධ්‍ය වාර්තා නොසලකා හරිමින් ප්‍රකාශයක් කළේය. PMI 2008 දී ඇල්ට්‍රියා වෙතින් ඉවත්ව විදේශ වෙලඳපොල වෙත ළඟා විය. කර්මාන්ත විශ්ලේෂකයින් ඇල්ට්‍රියා හි සිගරට් අඩු විකුණුම් පරිමාව සහ විවිධාංගීකරණය වූ ව්‍යාපාරික අවශ්‍යතා මත පදනම්ව නැවත ඒකාබද්ධ විය හැකි බවට අනාවැකි පළ කළහ.[16]
  • 2021 ජුනි මාසයේදී ප්‍රකාශයට පත් කළ පරිදි පිලිප් මොරිස් ඉන්ටර්නැෂනල් (PMI) සිය මූලස්ථානය ඇමරිකා එක්සත් ජනපදයේ කනෙක්ටිකට් හි ස්ටැම්ෆෝර්ඩ් වෙත ගෙන ගිය බව මාධ්‍ය වාර්තා කළේය. PMI වසර 12 ක් සඳහා බදු ගිවිසුමක් අත්සන් කර ඇති අතර 2022 වසරේ අග භාගයේදී එම පරිශ්‍රය භාවිතයට සැලසුම් කර ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ. [18] ආණ්ඩුකාර නෙඩ් ලැමොන්ට් ඇතුළු තේරී පත් වූ නිලධාරීන් PMI හි පැමිණීම පිළිගත් බව මාධ්‍ය වාර්තා කළේය. “අපේ ප්‍රාන්තය තුළ වර්ධනයට සහ ව්‍යාප්ත වීමට ඔබට උපකාර කිරීම සඳහා පිලිප් මොරිස් සමඟ වැඩ කිරීමට මම සැබවින්ම බලාපොරොත්තු වෙමි” යනුවෙන් නගරාධිපතිනිය ලෙස තේරී පත් වූ කැරොලයින් සිමන්ස් ප්‍රකාශ කළ බව වැඩිදුරටත් වාර්තා කර ඇත.[19]
මහජන සෞඛ්‍යය පිළිබඳ මූලික ගැටුමක් ඇති වන බැවින් දුම්කොළ කර්මාන්තය සමඟ කිසිදු හවුල්කාරිත්වයක් නොපවත්වන ලෙස දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුවේ (FCTC) 5.3 වන වගන්තිය මගින් රජයන්ට නිර්දේශ කරයි.
රූපය 2: PMI හි මූලස්ථානය ඇමරිකා එක්සත් ජනපදයේ කනෙක්ටිකට් හි ස්ටැම්ෆෝර්ඩ් වෙත ගෙන ගිය බව මාධ්‍ය වාර්තා කරයි. [19]
  • වයිටල් ස්ට්‍රටර්ජිස් විසින් ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයන වාර්තාවක් මගින් ඉන්දියාවේ බීඩි කර්මාන්තය විසින් මාර්ගගත අලෙවිකරණය සඳහා භාවිතා කරන උපක්‍රම සහ ප්‍රධාන පණිවිඩ හෙළිදරව් කරන ලදී. නිෂ්පාදනවල පැහැදිලි රූප සහිත ප්‍රචාරණය මගින් අන්තර්ජාල අලෙවියට පහසුකම් සලසමින් ෆේස්බුක් හරහා බීඩි අලෙවි කරන බව එයින් අනාවරණය විය.[22]
  • හානිය අඩු බව සහ "සමාන තෘප්තියක්" ඇති බව කියමින් පිලිපීනයේ විදේශ කටයුතු ලේකම් ටියෝඩෝ ලොක්සින්, උණුසුම් කරන දුම්කොළ නිෂ්පාදන සඳහා ඔහුගේ සහය පළ කළේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ පිලිපීන නියෝජිත පිරිසේ නියෝජිතයෙකු ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුවේ (WHO FCTC) පාර්ශ්වකරුවන්ගේ සමුළුවේ (COP9) නවවැනි සැසියේදීය. [23]
  • මැලේසියාවේ බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) ඔවුන්ගේ වාෂ්ප සන්නාමය වන 'Vuse' සඳහා "මධ්‍යම වෙළඳපොල පරාසය" සඳහා මිල සැලැස්මක් නිවේදනය කළේය. සමාගමේ බදු වියදම් 27% සිට 31% දක්වා වැඩි කරන නව “සෞභාග්‍ය බද්දක්” පැනවීමෙන් පසුව මෙය සිදු විය. වාර්තා වන පරිදි "දැඩි නැව්ගත කිරීමේ රෙගුලාසි" සහ වසර තුනකින් වෙළඳපොළ මෙහෙයවීමට ඔවුන්ගේ පවතින අභිප්‍රාය හේතුවෙන් එම නිෂ්පාදනය සඳහා ආදායම් සහ පරිමා වර්ධනයක් එම වාර්තාවම නිවේදනය කළේය. දැනට එම නිෂ්පාදනය සඳහා වාර්තා වන වෙළඳපල කොටස 10% කි.[24]

88 වන සතිය : 2021 නොවැම්බර් 15 සිට නොවැම්බර් 21 දක්වා

  • ඉන්දියාවේ ITC ලිමිටඩ් එහි දෙවන සුඛෝපභෝගී හෝටලය "Mementos" සන්නාමයෙන් ජයිපූර් හි විවෘත කළ බව නිවේදනය කළේය.[25] ඉන්දියාවේ ITC ලිමිටඩ් යනු සිය ව්‍යාපාර වෙනත් ව්‍යාපාරවලට විවිධාංගීකරණය කළ ඉන්දියාවේ ප්‍රධාන දුම්කොළ සමාගම යි.
මහජන සෞඛ්‍යය පිළිබඳ මූලික ගැටුමක් ඇති වන බැවින් දුම්කොළ කර්මාන්තය සමඟ කිසිදු හවුල්කාරිත්වයක් නොපවත්වන ලෙස දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුවේ (FCTC) 5.3 වන වගන්තිය මගින් රජයන්ට නිර්දේශ කරයි.
  • "දුම් රහිත නිෂ්පාදන සහිත පදනමක් කරා සමාගම මෙහෙයවීම සඳහා" නව කාර්ය මණ්ඩලය පත් කළ බව පිලිප් මොරිස් ඉන්ටර්නැෂනල් (PMI) නිවේදනය කළේය. දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම සඳහා කාබන් උදාසීනභාවය ලබා ගැනීමට PMI අරමුණු කරන බව වැඩිදුරටත් වාර්තා කළේය.[27]
දුම්කොළ වගා කිරීම සහ නිෂ්පාදනය පරිසරයට හානි කරන සහ දේශගුණික විපර්යාසවලට දායක වන ප්‍රධාන ක්‍රියාකාරකම් වේ.
  • 2021 පළමු මාස නවය තුළ 2020 වසරේ එම කාලයට සාපේක්ෂව 32% ක පරිමාව වර්ධනයක් වූ බව සිම්බාබ්වේ හි බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමෙහි (BAT) සභාපති ලව්මෝර් මනට්සා නිවේදනය කළේය. පාරිභෝගික ඉල්ලුම වැඩිවීම, කැපූ දුම්කොළ අපනයනය වැඩි වීම සහ COVID-19 සීමාවන් ලිහිල් කිරීම මෙම වර්ධනයට හේතු ලෙස ඔහු සඳහන් කළේය.[28]
  • ජැපැන් ටුබැකෝ ඉන්ටර්නැෂනල් (JTI) හවුල්කාරිත්වය යටතේ යුරෝපා සංගම් කොමසාරිස්වරුන්ගේ සහභාගීත්වයෙන් යුරෝපීය ව්‍යාපාරික සමුළුව නොවැම්බර් 17 සහ 18 යන දිනවල පැවැත්වීමට සැලසුම් කර තිබුණි. එහි වෙබ් අඩවියට අනුව, යුරෝපීය ව්‍යාපාර සමුළුව යනු “ව්‍යාපාර සහ දේශපාලනය එකට ගෙන ඒමට සහ වඩාත්ම අභියෝගාත්මක යුරෝපීය ගැටළු ගැන සිතීම උත්තේජනය කිරීමට බ්‍රසල්ස්හි ජාලකරණය සහ විවාද අවස්ථාවන් නිර්මාණය සහ එයට සහාය වන කීර්තිමත් සංවිධානයකි". සිවිල් සමාජ සංවිධාන මෙම හවුල්කාරිත්වයට විරුද්ධ වූ අතර මෙම සමුළුවට සහභාගී නොවන ලෙස යුරෝපා සංගම් කොමසාරිස්වරුන්ගෙන් ඉල්ලා සිටියේය.[29]
  • දරුවන් ඉලක්ක කර ගනිමින් ITC හි පලතුරු නිෂ්පාදන හැපි මීල් -Happy Meal වෙත හඳුන්වා දීමට ඉන්දියාවේ මැක්ඩොනල්ඩ්ස් ඉන්දියාවේ ITC ලිමිටඩ් සමඟ හවුල් විය. ඉන්දියාවේ 25 වන මෙහෙයුම් වසර සැමරීම සඳහා මෙය නිවේදනය කරන ලද්දේ "සියලු දෙනාගේ ප්‍රියතම ප්‍රීතිමත් ආහාර වේලක් සඳහා සෞඛ්‍ය සම්පන්න නැවුම් බවක් ලබා දීමෙන් - එහි තරුණ ගනුදෙනුකරුවන් අද්විතීය ආකාරයකින් සතුටු කිරීම" ලෙසිනි.[30]
ඉන්දියාවේ ITC ලිමිටඩ් යනු ඉන්දියාවේ ප්‍රධාන දුම්කොළ සමාගම වන අතර එය ඔවුන්ගේ ව්‍යාපාර වෙනත් ව්‍යාපාරවලට විවිධාංගීකරණය කර ඇත. මැක්ඩොනල්ඩ්ස් යනු ඇමරිකා එක්සත් ජනපදයේ ඉලිනොයිස් හි මූලස්ථානය කරගත් ක්ෂණික ආහාර අවන්හල් ජාලයකි. ගෝලීය වශයෙන් ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා 2025 වන විට හැපි මීල් සෙල්ලම් භාණ්ඩ සඳහා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය භාවිතා කිරීමට ඔවුන් තීරණය කළ බව මාධ්‍ය වාර්තා කළේය. සෙල්ලම් භාණ්ඩ වලින් ළමයින් පොළඹවා ගනිමින් සෞඛ්‍යයට අහිතකර ආහාර ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් වල විරෝධතා මධ්‍යයේ මෙය සිදු විය.[31]
  • ඕස්ට්‍රේලියාවේ බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) විසින් ක්වීන්ස්ලන්ත පොලිසියට භාර දීම සඳහා නීති විරෝධී වෙළඳාම් පිළිබඳ තොරතුරු රැස් කිරීමට පුද්ගලික විමර්ශකයින් කුලියට ගෙන ඇත. ක්වීන්ස්ලන්තයේ නීතිවිරෝධී දුම්වැටි අලෙවිසැල් 70ක් පමණ පවතින බවත්, ඕස්ට්‍රේලියාවේ දුම්කොළ සහ අනෙකුත් දුම්වැටි නිෂ්පාදන පනතට අනුව නීතිවිරෝධී දුම්වැටි අලෙවිය සාපරාධී වරදක් නොවන බවත් මාධ්‍ය වාර්තා කළේය. 2022 ජනවාරි වන විට, ඕස්ට්‍රේලියාවේ දුම්කොළ සහ අනෙකුත් දුම්වැටි නිෂ්පාදන පනත නීති විරෝධී දුම්කොළ අලෙවිය ආවරණය නොකරයි.[34]
දුම්කොළ සමාගම් ලෝකයේ බොහෝ රටවල නීති විරෝධී වෙළඳාම සම්බන්ධ වීම මනාව දන්නා කරුණකි. වැඩි විස්තර සඳහා ලංකා දුම්කොළ සමාගම විසින් තම කොටස් හිමියන් නොමඟ යැවීම: නීති විරෝධී සිගරට් පිළිබඳ ගැටළුව පිටුවට පිවිසෙන්න.
  • බංග්ලාදේශයේ බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) "උක් වගාවේ තිරසාර ආකෘතිය" මැයෙන් උක් ගොවීන් සඳහා වැඩමුළුවක් පවත්වන ලදී. මෙම වැඩමුළුව සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන්, බංගලාදේශ සීනි සහ ආහාර කර්මාන්ත සංස්ථාවේ සහ බංගලාදේශ සීනි බෝග පර්යේෂණ ආයතනයේ නියෝජිතයින් ද සහභාගී විය.[35]
මහජන සෞඛ්‍යය පිළිබඳ මූලික ගැටුමක් ඇති වන බැවින් දුම්කොළ කර්මාන්තය සමඟ කිසිදු හවුල්කාරිත්වයක් නොපවත්වන ලෙස දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුවේ (FCTC) 5.3 වන වගන්තිය මගින් රජයන්ට නිර්දේශ කරයි.
රූපය 3: වැඩමුළුව සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වය මාධ්‍ය වාර්තා කරයි. [35]

89 වන සතිය : 2021 නොවැම්බර් 22 සිට නොවැම්බර් 28 දක්වා

  • ටෙක්සාස් හි එක්සත් ජනපද දිසා අධිකරණ විනිසුරුවරයෙකු දුම්වැටි ඇසුරුම්වල නව අනතුරු ඇඟවීමේ ලේබල ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීමට R J රෙනෝල්ඩ්ස් දුම්කොළ සමාගම, පිලිප් මොරිස් USA, ITG බ්‍රෑන්ඩ්ස් සහ ලිගට් සමූහය යන දුම්කොළ සමාගම් හතරට අවසර දුන්නේය. ඒ එම සමාගම් හතර විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාවෙන් පසුවය. "දුම්කොළ පාලන පනතේ රීතිය සහ/හෝ රූපමය අනතුරු ඇඟවීම් අවශ්‍යතාවය බල රහිත කළහොත් ඒවා කිසිවක් මුදල් හානිවලින් වන්දි ගෙවිය නොහැකි බැවින් ආපසු හැරවිය නොහැකි හානියක් සිදු වේ." යැයි කියමින් මෙය 2021 ජුනි 18 සිට ක්‍රියාත්මක කිරීම ප්‍රමාදය කරන හයවන අවස්ථාව බව වාර්තා වේ. නව අනතුරු ඇඟවීමේ ලේබල් එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) විසින් නිර්දේශ කරන ලද නව පාඨමය අනතුරු ඇඟවීම් ප්‍රකාශ සමඟ දුම්පානයෙන් සෞඛ්‍යයට වන හානිය නිරූපණය කරන වර්ණ චිත්‍ර වලින් සමන්විත වේ. සිගරට් ඇසුරුම්වල ඉදිරිපස සහ පිටුපස ඉහළ 50% මෙන්ම දුම්කොළ වෙළඳ දැන්වීම්වල අවම වශයෙන් ඉහළ 20% ආවරණය කිරීම සඳහා නව අවශ්‍ය ලේබලවල, රූපමය අනතුරු ඇඟවීම් නිර්මාණය කර ඇත. FDA අනුව, නව රූප 11 මගින් ලිංගික බෙලහීනතාවය, අන්ධභාවයේ අවදානම, අත් පා වලට රුධිර ප්‍රවාහය අඩුවීම සහ දෙවන වර්ගයේ දියවැඩියාව වැනි "සිගරට් දුම් පානය කිරීමේ ප්‍රසිද්ධ නොමැති, නමුත් බරපතල සෞඛ්‍ය අවදානම්" නිරූපණය කරයි.[36]
දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුවේ (FCTC) 11 වැනි වගන්තිය මගින් සිගරට් ඇසුරුම්වල ප්‍රධාන ප්‍රදේශවලින් 50% ක රූපමය සෞඛ්‍ය අනතුරු ඇඟවීම් ප්‍රදර්ශනය කිරීමට නිර්දේශ කරයි. දුම්කොළ කර්මාන්තය ඵලදායී දුම්කොළ පාලන ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීම සඳහා නඩු පැවරීම සඳහා ප්‍රසිද්ධය. වැඩි විස්තර සඳහා කරුණාකර සිගරට් අසුරණ මත රූපමය අවවාද: ලංකා දුම්කොළ සමාගම නඩු මගට පිටුවට පිවිසෙන්න.
  • ජූල් ලැබ්ස් විසින් ඇරිසෝනා ප්‍රාන්තයට ඇමෙරිකානු ඩොලර් මිලියන 14.5ක් ගෙවීමට එකඟ වී ඇති අතර විවිධ උපක්‍රම ඔස්සේ තරුණයින් ඉලක්ක කර ගැනීම පිළිබඳ ඔවුන්ට එරෙහිව ඇති නඩුව සමථයකට පත් කිරීමේ කොටසක් ලෙස තරුණයින්ට විකිණීම අත්හිටුවීමට එකඟ වී ඇත. ජූල් ලැබ්ස් විසින් මාර්ගගත අලෙවිය අත්හිටුවීමට සහ නීති විරෝධී බාලවයස්කාර විකුණුම් සොයා ගැනීමට සිල්ලර වෙළෙන්දන් සඳහා අධීක්ෂණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට ද තවදුරටත් එකඟ විය.[37]
2018-2019 දී බංග්ලාදේශයේ අකල් මරණ සහ දුම්කොළ ආශ්‍රිත රෝග හේතුවෙන් ඵලදායිතා හානිය ඇතුළු දුම්කොළ සම්බන්ධ ඇස්තමේන්තුගත සෞඛ්‍ය සේවා පිරිවැය බංග්ලාදේශ ටකා බිලියන 305.6 (ආසන්න වශයෙන් ඩොලර් බිලියන 3.62) විය. බංග්ලාදේශයේ සැලකිය යුතු ශුද්ධ ආර්ථික අලාභයක් පෙන්නුම් කරමින් 2016-2017 වසර තුළ දුම්කොළ මගින් රජයට ලබා දුන් මුළු දායකත්වය බංග්ලාදේශ ටකා බිලියන 229.1ක් ලෙස ගණන් බලා ඇත. තවද, දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුවේ (FCTC) 5.3 වගන්තිය මගින් ඔවුන්ගේ ප්‍රතිරූපය ප්‍රවර්ධනය කරන දුම්කොළ කර්මාන්තය සමඟ රජයන් අන්තර් ක්‍රියා කිරීමට එරෙහි වීමට නිර්දේශ කරයි.
  • COVID වසංගතයට පෙර මට්ටම්වලට සාපේක්ෂව තොග ව්‍යාපාර හැර බෙදාහැරීමේ ජාලයන් යථා තත්ත්වයට පත් වී ඇති බව ඉන්දියාවේ ITC ලිමිටඩ් හි විධායක අධ්‍යක්ෂ, බී. සුමන්ට් ප්‍රකාශ කළේය. [41] ඉන්දියාවේ ITC ලිමිටඩ් යනු ඉන්දියාවේ ප්‍රධාන දුම්කොළ සමාගම වන අතර එය සිය ව්‍යාපාර වෙනත් ව්‍යාපාරවලට විවිධාංගීකරණය කර ඇත.
  • දකුණු කොරියාවේ බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) විසින් දකුණු ග්යොංසාං පළාතේ සූර්ය බලය භාවිතා කරන සිගරට් කර්මාන්ත ශාලාවක් ඉදි කරන ලදී. මෙය කාබන් විමෝචනය අවම කිරීම අරමුණු කරගත් BAT හි පාරිසරික වැඩසටහනෙහි කොටසක් බවට වාර්තා වේ.[44]
සිගරට් සහ ඒවායේ නිෂ්පාදන ක්‍රියාවලිය ගෝලීය උණුසුම වැඩි වීම ඇතුළු පරිසරයට අහිතකර ලෙස බලපාන බවටත් ඒ අනුව මිනිස් සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන බවටත් සාක්ෂි රාශියක් මගින් අනාවරණය කර ඇත.
රූපය 4: සූර්ය බල පහසුකම් සහිතව ඉදි කරන ලද BATහි කර්මාන්ත ශාලාව වාර්තා කරන මාධ්‍ය [44]

TobaccoUnmasked සම්පත්

වෙනත් අදාළ TobaccoUnmasked පිටු

මූලාශ්‍ර

  1. S L White and M Daube. Vigilance needed to stop new wave of tobacco company promotion, 1 November 2021, accessed November 2021
  2. 2.0 2.1 Business wire. Philip Morris International Applauds U.K. Government’s Approach to Achieve its Smoke-Free Ambition, 2 November 2021, accessed November 2021
  3. J Motles. A Smoke-Free, Carbon-Neutral Future: PMI’s Plan to Accelerate Climate Goals While Transforming Its Business, 7 November 2021, accessed November 2021
  4. A Ciurcanu and A Cerantola. Japan Tobacco International Making a Mint by Circumventing Menthol Cigarette Ban, 2 November 2021, accessed November 2021
  5. Convenience Store. JTI adds 50g format to Sterling Essential RYO range, 2 November 2021, accessed November 2021
  6. NST Business. Legal ciggies market pick up bodes well for BAT Malaysia, 1 November 2021, accessed November 2021
  7. The Japan Times. In unusual move, tobacco-maker requests higher tax on cigarettes, 4 November 2021, accessed November 2021
  8. TBS Report. Azizur Rahman made ICSB senior vice president, 4 November 2021, accessed December 2021
  9. The Daily Star. 19 firms to get president’s industrial award today, 4 November 2021, accessed November 2021
  10. V Mokhoali. BAT SA Says Sars Unwilling to Act Again Illicit Cigarette Trade, 11 November 2021, accessed December 2021
  11. ITC Infotech. ITC Infotech in association with Harvard Business School reimagines the future of work; unveils its Work from Anywhere framework, 10 November 2021, accessed December 2021
  12. Myanmar Now. British American Tobacco announces its departure from Myanmar, again, 13 October 2-21, accessed December 2021
  13. Daily New Egypt. British American Tobacco aims to make impactful change in tobacco, nicotine products, 11 November 2021, accessed December 2021
  14. Daily FT. COVID third wave cuts CTC revenue, profit by 28%, 11 November 2021, accessed December 2021
  15. Daily Mirror. CTC 3Q goes up in smoke as lockdowns hit cigarette sales, 12 November 2021, accessed December 2021
  16. J R Blackwell. Report: Philip Morris International will not pursue merger with Henrico-based Altria Group, 10 November 2021, accessed December 2021
  17. M McGrady. FDA Approves PMTA Of Discontinued Altria Product, 9 November 2021, accessed November 2021
  18. K R Gosselin. Philip Morris move to Stamford bodes well for attracting more companies to Connecticut’s fastest-growing city, 8 November 2021, accessed December 2021
  19. 19.0 19.1 R Kaufman. Gov. Lamont Welcomes Philip Morris International To Stamford, 8 November 2021, accessed December 2021
  20. A Lucas. Philip Morris International meets with FDA to make its case for Iqos in patent dispute, 8 November 2021, accessed December 2021
  21. H Henry. BDigital Appointed by British American Tobacco to Head up Digital for Velo, 8 November 2021, accessed December 2021
  22. Vital Strategies. Selling Death on Social Media: How Bidis Are Reaching Consumers Online, November 2021, accessed November 2021
  23. Vera Files. Philippine government promotes tobacco industry interests at global health forum; civil society outraged, 10 November 2021, accessed November 2021
  24. The Star. BAT Malaysia to price vape brand in mid-market range, 9 November 2021, accessed December 2021
  25. S Sinha. Band, baaja, luxury: After Udaipur, Jaipur to also get ITC's new luxury brand ‘Mementos’, 16 November 2021, accessed December 2021
  26. W Hayward. Welsh Conservative MS criticised for hosting tobacco company event at the Senedd, 16 November 2021, accessed December 2021
  27. M McGrady. PMI Names New Consumer Execs, Commits To Carbon Neutrality, 15 November 2021, accessed December 2021
  28. A Vinga. BAT Hails Exchange Rates as Exports Grow By 44%, 15 November 2021, accessed December 2021
  29. E S Nicolas. EU officials urged to boycott event with tobacco partnership, 17 November 2021, accessed December 2021
  30. FnBnew.com McDonald’s Happy Meal gets a wholesome refresh with ITC’s B Natural Mixed Fruit & cup of hot corn, 20 November 2021, accessed December 2021
  31. H Russ. McDonald's Happy Meal toys to go green globally by 2025, 22 September 2021, accessed January 2022
  32. Market Screener. Philip Morris International : PMI's Tommaso Di Giovanni wins “Communications Individual of the Year” at the 2021 Globee Awards, 19 November 2021, accessed December 2021
  33. Market Screener. British American Tobacco : Digital award highlights our A Better Tomorrow™ transformation, 19 November 2021, accessed December 2021
  34. P Doneman, A Horn. Illicit tobacco trade in Queensland 'exploding' with authorities powerless to stop it, industry groups say, 20 November 2021, accessed December 2021
  35. 35.0 35.1 New Age Bangladesh. Workshop on sugarcane cultivation held in Kushtia, 19 November 2021, accessed December 2021
  36. R Craver. Cigarette warning labels delayed to January 2023, 27 November 2021, accessed December 2021
  37. N Weixel. Juul will pay $14.5 million to settle Arizona lawsuit, 24 November 2021, accessed December 2021
  38. Tribune Desk. BAT Bangladesh named top taxpayer again, 25 November 2021, accessed December 2021
  39. ICB World News. ITC Charmis announces Kiara Advani as its new Brand Ambassador, 23 December 2021, accessed December 2021
  40. The Citizen. TCC celebrating 60 glorious years, 26 November 2021, accessed December 2021
  41. IA Dutt. All channels except wholesale higher than pre-Covid levels: ITC's B Sumant, 22 November 2021, accessed December 2021
  42. Business wire. Philip Morris International’s ESG Performance Recognized by S&P Dow Jones Indices; Company Included in Dow Jones Sustainability Index North America for Second Consecutive Year, 22 November 2021, accessed December 2021
  43. CAN Newswire. Egypt's Cloud Leaders Virtually Connect to Push for Sustainable Cloud Transformation for the Country at World Cloud Show, 22 November 2021, accessed December 2021
  44. 44.0 44.1 K Jae-heun. BAT Sacheon Factory kicks off green solar power generation, 23 November 2021, accessed December 2021