FCTC 13: දුම්කොළ සම්බන්ධ දැන්වීම්කරණය, ප්‍රචාරණය ප්‍රවර්ධනය සහ අනුග්‍රාහකත්වයන් ලබා දීම

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

දුම්කොළ පාලනය පිළිබඳ නිීතිමය රාමුවෙහි 13 වගන්තිය මගින් දුම්කොළ සම්බන්ධ වෙළෙඳ ප්‍රචාරණය, ප්‍රවර්ධනය සහ අනුග්‍රාහකත්වයන් තහනම් කිරීම සඳහා අදාල නිර්දේශ ඉදිරිපත් කරනු ලබයි.[1] ඒ අනුව දුම්කොළ කර්මාන්තකරුවන් විසින් සිදුකරන සියළු ආකාරවල දුම්කොළ සම්බන්ධ ප්‍රචාරණයන් , ප්‍රවර්ධනයන් මෙන්ම දුම්කොළ කර්මාන්තය විසින් සිදුකරන ඕනෑම අනුග්‍රාහකත්වය දැක්වීමක් මෙම තහනමට අයත් වේ. සිය ව්‍යවස්ථාමය මූලධර්ම හේතුවෙන් පුළුල් තහනමක් ක්‍රියාත්මක කළ නොහැකි පාර්ශවකරුවන් සඳහා සීමාවන් ක්‍රියාත්මක කිරීමට අදාල නිර්දේශ ඉදිරිපත් කිරීම ද මෙමගින් සිදු කෙරේ .[1]

මාර්ගෝපදේශ මූලධර්ම

දුම්කොළ ප්‍රචාරණයට නිරාවරණය වූ තරුණ ප්‍රජාව දුම්කොළ භාවිතය කෙරෙහි ධනාත්මක ආකල්ප දරන බවට විද්‍යාත්මක සාක්ෂ්‍ය මගින් හෙළි කරයි. දුම්කොළ ප්‍රචාරණය, ප්‍රවර්ධනය සහ අනුග්‍රාහකත්වය ලබා දීම දුම්කොළ භාවිතය වැඩි කිරීමට හේතු වන බව ද හොඳින්ම දන්නා කරුණකි.[1]

වාසි

තරුණ ප්‍රජාව අතර දුම්වැටි භාවිතය ශීග්‍ර ලෙස අඩුවීමට සහ එම නිෂ්පාදන කෙරෙහි ඇති ආකර්ශනීයත්වය අඩු වීමට දුම්කොළ ප්‍රචාරණය තහනම් කිරීම හේතු වී තිබේ.[1]

ක්‍රියාත්මක කිරීම

මෙම වගන්තිය ක්‍රියාත්මක කිරීමේ උපදේශන මාලාවන්ට අනුව සියලුම ආකාරයේ වානිජමය අරමුණු සහිත සන්නිවේදනයන්, නිර්දේශයන් හෝ ක්‍රියාවන් සහ ඍජුව හෝ වක්‍රව දුම්කොළ නිෂ්පාදනයක් හෝ දුම්කොළ භාවිතය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් බලපෑමක් සහිත හෝ බලපෑමක් විය හැකි ඕනෑම ආකාරයේ සිදුවීම්, ක්‍රියාකාරකම් හෝ පුද්ගලයන් සඳහා සියලු ආකාරයේ දායකත්වයන් ලබා දීම මෙම තහනමට ඇතුළත් වේ . [2]

නිර්දේශිත තහනම පහත දෑ ආවරණය කරයි

  • සියලුම ආකාරවල ප්‍රචාරයන්, ප්‍රවර්ධනයන් , හා අනුග්‍රාහකත්වයන්
  • ඍජු හෝ වක්‍ර දැන්වීම්කරණය ප්‍රචාරය ප්‍රවර්ධනය හෝ අනුග්‍රාහකත්වයන්
  • ප්‍රවර්ධනය අරමුණු කරගත් ක්‍රියාකාරකම් සහ ප්‍රවර්ධනාත්මක බලපෑමක් සහිත හෝ බලපෑමක් සිදු විය හැකි ආකාරයේ ක්‍රියාකාරකම්
  • දුම්කොළ නිෂ්පාදන සහ දුම්කොළ භාවිතය ප්‍රවර්ධනය කිරීම්
  • වානිජමය අරමුණු සහිත සන්නිවේදනයන්, වානිජමය නිර්දේශයන් සහ ක්‍රියාකාරකම්
  • දුම්කොළ ප්‍රචාරණය හා ප්‍රවර්ධනය කරන කවර ආකාරයක හෝ සිද්ධියකට ක්‍රියාකාරකමකට හෝ පුද්ගලයෙකුට කුමන හෝ දායකත්වයක් ලබා දීම
  • වෙළෙඳ දැන්වීම් සහ ප්‍රවර්ධනය කිරීම ඔස්සේ දුම්කොළ වෙළෙඳ නාම ප්‍රචාරණය හා ප්‍රවර්ධනය කිරීම් සහ ව්‍යාපාර ප්‍රවර්ධනය
  • සම්ප්‍රදායික මාධ්‍ය (මුද්‍රිත, රූපවාහිනී සහ ගුවන් විදුලි) සහ අන්තර්ජාලය, ජංගම දුරකථන සහ අනෙකුත් නවීන තාක්ෂණවේදයන් මෙන්ම චිත්‍රපට ඇතුලු සියලු මාධ්‍ය ඔස්සේ කරනු ලබන ප්‍රචාරයන්

දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුවෙහි (FCTC) 5.3 වගන්තිය මගින් තවදුරටත් මෙසේ ද නිර්දේශ කරයි.[2]

  • විකිණුම් ස්ථාන වල දුම්කොළ ප්‍රදර්ශනය සහ විකිණුම් යන්ත්‍ර තහනම් කිරීම.
  • නිෂ්පාදන විශේෂාංග ප්‍රදර්ශනය කිරීම වැදගත් ප්‍රවර්ධන අංගයක් වන බැවින් ඇසුරුම්කරණය සඳහා "අවර්ණ ඇසුරුම් " හදුන්වා දීම.
  • දුම්කොළ නිෂ්පාදන අන්තර්ජාලය ඔස්සේ විකිණීම තහනම් කිරීම.
  • වෙළෙද නාම සන්නාමය සහ බෙදාහැරීම තහනම් කිරීම .
  • දුම්කොළ සමාගම් මගින් සමාජීය වගකීම් සහිත හේතූන් සඳහා ඕනෑම වෙනත් ආයතනයකට ලබාදෙන දායකත්වයන් සහ ඒවාට ලබා දෙන ප්‍රචාරයන් තහනම් කිරීම.
  • හඳුනාගත හැකි දුම්කොළ වෙළෙඳ නාමකරණයන් සහ ඒවායේ රුපසටහන් මාධ්‍ය මගින් පෙන්වීම තහනම් කිරීම
  • දුම්කොළ භාවිතය මාධ්‍ය ඔස්සේ නිරූපණය කරන අවස්ථාවලදී දුම්කොළ කර්මාන්තයෙන් කිසිදු ප්‍රතිලාභයක් ලබා නොමැති බවට සහතිකය.
  • මීට අමතරව දුම්කොළ කර්මාන්තය සමග සිදුවන සියලුම සන්නිවේදනයන් පැහැදිලිව නිර්වචනය කරීම.

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම

ශ්‍රී ලංකාව තුළ "දුම්වැටි හෝ මධ්‍යසාර පිළිබඳ දැන්වීමක් ප්‍රකාශයට පත් කිරීම හෝ ප්‍රකාශයට පත්කිරීමට හේතු වීම හෝ ප්‍රකාශයට පත්කිරීමට අවසර ලබා දීම තහනම් වේ.[3] මේ අනුව,

  • මහජනතාවට ප්‍රවේශ විය හැකි ස්ථානයක හෝ වාහනයක, දැන්වීමක් හෝ දැන්වීමක අඩංගු ඕනෑම දෙයක් ප්‍රදර්ශනය, තිරගත කිරීම හෝ ප්‍රචාරණය කිරීම
  • මහජනතාවට ලබා ගත හැකි හෝ මහජනතාව වෙත බෙදා හරින හෝ මහජන කොටසක් වෙත බෙදා හරින පුවත්පත්, සඟරා, වැඩසටහන් , අත් පත්‍රිකා, අත්පොත් හෝ වෙනත් ලියවිල්ලක දැන්වීමක් ඇතුළත් කිරීම.
  • මහජනතාව හෝ මහජන කොටසක් විසින් දැකිය හැකි හෝ ඇසිය හැකි හෝ දැකීමට හෝ ඇසීමට අපේක්ෂා කරමින් චිත්‍රපටියක , වීඩියෝ පටයක , ගුවන්විදුලි වැඩසටහනක ,රූපවාහිනී වැඩසටහනක, හෝ අන්තර්ජාලය ඔස්සේ දැන්වීම්ක් ඇතුළත් කිරීම
  • මහජනතාව හෝ මහජන කොටසක් අතර දැන්වීමක් හෝ දැන්වීමක අඩංගු ඕනෑම දෙයක් විකිණීම ,කුලියට දීම ,සැපයීම හෝ විකිණීම,කුලියට දීම හෝ සැපයීමට ඉදිරිපත් වීම තහනම් වේ
රූපය 1: දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරීය(NATA) මගින් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලද ආදරණීය කතාවක් චිත්‍රපටයේ දැන්වීම් පුවරුවක්.[4] (වැඩිදුර තොරතුරු සදහා ආදරණීය කතාවක් චිත්‍රපටය මගින් දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී(NATA)පනත උල්ලංඝනය වීම බලන්න )

දුම්කොළ දැන්වීමක් යනු කුමක්ද ?

දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී (NATA) පනතට අනුව, දුම්කොළ දැන්වීමක් යනු

  • දුම්පානය කිරීම,
  • දුම්කොළ නිෂ්පාදන මිල දී ගැනීම හෝ පාවිච්චි කිරීම,
  • දුම්කොළ නිෂ්පාදනයක හෝ දුම්කොළ නිෂ්පාදන ඇතුළත් යම් භාණ්ඩ සඳහා ලියාපදිංචි කළ වෙළෙද ලකුණක්

දුම්කොළ නිෂ්පාදනයක් සමඟ සම්බන්ධ වෙළඳ නාමයක්, දුම්කොළ නිෂ්පාදකයෙකුගේ නම, ප්‍රවර්ධනය කරන ලද හෝ ප්‍රවර්ධනය කිරීමට අරමුණු කරන ලද කිසියම් ලියවිල්ලක්, නිශ්චල හෝ චල පින්තුරයක්, සංඥාවක් සංකේතයක් හෝ වර්ණයක් හෝ වෙනත් දෘශ්‍ය නිරුපණයක් හෝ ශ්‍රව්‍ය පණිවිඩයක් හෝ ඒවායේ සංකලනයක් වේ. [3]

Tobacco Unmasked සම්පත්

ආශ්‍රිත සබැඳි :

සටහන්

  1. 1.0 1.1 1.2 1.3 World Health Organization. Framework Convention on Tobacco Control, 2005, accessed March 2017
  2. 2.0 2.1 WHO Framework Convention on Tobacco Control. Guidelines for implementation of Article 13 of the WHO Framework Convention on Tobacco Control (Tobacco advertising, promotion and sponsorship), Undated, accessed January 2018
  3. 3.0 3.1 National Authority on Tobacco and Alcohol (NATA), 2010, accessed January 2018
  4. Cinema.lk. Adaraneeya Kathawak Official Teaser Trailer, undated, accessed January 2018