සිගරට් අසුරන මත රූපමය අවවාද: අල්ලස් චෝදනා
Contents
පසුබිම
2012 වසරේ දී එවකට ශ්‍ර්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිගරට් අසුරන මත රූපමය අවවාද මුද්‍රණය සඳහා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.[1] මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුව (FCTC) (වගන්ති අංක 11) ප්‍රකාර පිළිගත් දුම්වැටි නිවාරණ ක්‍රමයකි.[2]
ශ්‍ර්‍රී ලංකාවේ එකම සිගරට් නිෂ්පාදකයා වන ලංකා දුම්කොළ සමාගම (CTC),සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ලබා දුන් නියෝගය අහෝසි කිරීම සඳහා අධිකරණයේ පිහිට පැතීය. මෙම නීතිමය අභියෝගය අධිකරණයේ දී විවිධ මට්ටමින් සාකච්ඡා කරන ලද අතර අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණයට ලඟා විය.[3] අවසානයේ 2014 ජූලි මාසයේ දී 60% ක් දක්වා මෙම අවවාද ප්‍රමාණය අඩු කිරීමට හා 2015 ජනවාරි වන තුරු (එනම්, ගැසට් නියෝගය නිකුත් කර වසර දෙක හමාරක පමණ) ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කරන ලෙසට ද අධිකරණ තීන්දුව ලැබිණි.[4] වැඩි විස්තර සඳහා සිගරට් අසුරණ මත රූපමය අවවාද: ලංකා දුම්කොළ සමාගම නඩු මගට පිටුව වෙත පිවිසෙන්න.
කෙසේ වෙතත්, 2015 දී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජයේ ආරම්භක අවධියේ අමාත්‍ය මණ්ඩල හා පාර්ලිමේන්තු අනුමැතිය ඇතිව රූපමය අවවාද දුම්වැටි අසුරන වල 80% ක ප්‍රමාණයකින් මුද්‍රණයට අවසර ලබාදෙමින් දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී (NATA) පනත සංශෝධනයට ලක් කර අනුමැතිය ලබා දෙන ලදී.[5][6]
අල්ලස් චෝදනා
මෙම ක්‍රියාවලිය තුළදී දුම්කොළ කර්මාන්තය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී අල්ලස් චෝදනා එල්ල විය.
2013 දී
එවකට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ පැවති උත්සවයකදී ප්‍රකාශ කර සිටියේ දුම්කොළ කර්මාන්තය රූපමය අවවාද පළ කිරීම වැළැක්වීම සඳහා ඔහුට මුදල් ලබාදීමට සූදානම් වූ බවයි. ඔහු පවසන පරිදි, පිරිනැමීමට යෝජනා වූ මුදල "ලෝකයේ වඩාත් ප්‍රීතිමත් ජීවිත ගතකරන රටකට සිය පවුලේ උදවිය සමග ගොස් පරම්පරා 15 ට ප්‍රමාණවත් දේපළ මිලට ගැනීමට හැකි මුදලකි." ඔහු තම රටේ මිනිසුන්ගේ යහපැවැත්ම අගය කළ බැවින් එම යෝජනාව ප්‍රතික්ෂේප කල බව පැවසීය. තවද දුම්කොළ කර්මාන්තයේ නිළධාරීන් ඔහුව පාර්ලිමේන්තුවේදී, නිවසේදී හා කාර්යාලයේදී නැවත නැවතත් හමුවීමට උත්සහ කල බවද හෙතෙම පැවසීය.[7]
2015 දී
සෞඛ්‍ය අමාත්‍ය හා රජයේ කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතාද 2015 දී මෙම ක්‍රියාවලිය සම්බන්ධවම දෙවරක් අල්ලස් චෝදනා ඉදිරිපත් කරන ලදී:[8]
- "දුම්කොළ කර්මාන්තය සිගරට් පැකට්වල සමස්ත ප්‍රදර්ශන ප්‍රදේශවලින් සියයට 80 ක රූපමය සෞඛ්‍ය අනතුරු ඇඟවීම් මුද්‍රණය කිරීම වැළැක්වීම සඳහා පැවති රජයට රුපියල් බිලියන 1 ක මුදලක් පිරිනැමූ බව"
- "සිගරට් පැකට්වල රූපමය සෞඛ්‍ය අනතුරු ඇඟවීම් අඩු කර ගැනීමේ ප්‍රයත්නයක දී දුම්කොළ සමාගම රාජපක්ෂ රෙජීමය සඳහා බිලියන 3 ක් ගෙවා ඇති අතර ඒ පිළිබඳව නීතිමය කටයුතු ආරම්භ කරනු ඇත"

කර්මාන්ත ප්‍රතිචාර
මෙම චෝදනා වලදී ලංකා දුම්කොළ සමාගමෙහි නාමය සෘජුව සඳහන් නොකළේ වුවද, 2013 දී සහ 2015 දී මාධ්‍ය නිවේදන මඟින් ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් ප්‍රතිචාර දක්වන ලදී.[8][10][11][12] ලංකා දුම්කොළ සමාගම (CTC) යනු අප්‍රිකාවේ අල්ලස් චෝදනා එල්ල වී ඇති බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) අනුබද්ධ ආයතනයකි.[13][14]
TobaccoUnmasked සම්පත්
- ලංකා දුම්කොළ සමාගම (CTC)
- බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT)
- දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී (NATA) පනත
මූලාශ්‍ර
- ↑ M Peiris. Controversy over pictorial health warnings covering the front and back of the tobacco packs, Asian Tribune, 26 March 2013, accessed March 2017
- ↑ FCTC Secretariat Website. [http://www.who.int/fctc/treaty_instruments/article_11/en/ Guidelines for implementation of Article 11 - Packaging and labelling of tobacco products, 2008, accessed March 2017
- ↑ Colombo Page, Ceylon Tobacco not to implement pictorial warnings until Supreme Court ruling on July 11, 01 July 2014, accessed April 2017
- ↑ AB Gilmore, G Fooks, J Drope, SA Bialous, RR Jackson. [https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC4382920/ Exposing and addressing tobacco industry conduct in low and middle income countries. Lancet, 2015;385(9972):1029-1043, accessed March 2017
- ↑ NATIONAL AUTHORITY ON TOBACCO AND ALCOHOL (AMENDMENT) ACT, No. 3 OF 2015, 3 March 2015, accessed May 2017
- ↑ FCTC Implementation Database. Sri Lanka: Health warnings now cover 80% of pack surfaces, Undated, accessed May 2017
- ↑ M.Peiris, Health Minister Maithripala Sirisena blasts tobacco industry for attempting to bribe, Asian Tribune, 2013:12(1681), accessed November 2016
- ↑ 8.0 8.1 The Island, https://web.archive.org/web/20170528161111/http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=119059 CTC responds to bribery allegations: Pictorial health warnings on Cigarette packs], 2015, accessed November 2016
- ↑ The official website of the President of the Democratic Socialist Republic of Sri Lanka. Through anti-tobacco & drugs policies, a healthy nation will be built – President, 2017, accessed May 2017
- ↑ Lanka Business Online, Sri Lanka BAT unit denies bribery allegations, 2013, accessed November, 2016
- ↑ Daily FT. Maithripala’s outburst shocks Sri Lanka Inc, CTC denies, 26 September 2013, accessed May 2017
- ↑ Lanka Business Online. Sri Lanka BAT unit denies bribery allegations, 9 October 2013, accessed May 2017
- ↑ The Guardian. British American Tobacco faces call for bribery allegations inquiry, 6 February 2016, accessed May 2017
- ↑ The Guardian. British American Tobacco accused of bribing government officials, 30 November 2015, accessed May 2017