Main Page
TobaccoUnmasked_SinhalaTobaccoUnmasked_Sinhala විකි අඩවියට සාදරයෙන් පිළිගනිමුTobaccoUnmasked_Sinhala දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රයේ ගවේශනාත්මක තොරතුරු ඇතුළත් පර්යන්තය වේ. ශ්‍රී ලංකාවට අදාළ දුම්කොළ සමාගම් හා ඔවුන්ගේ සේවකයින් පිළිබඳ සාක්ෂි පදනම් කර ගත් සවිස්තරාත්මක තොරතුරු එහි ඇතුළත් වේ. දුම්කොළ කර්මාන්තයේ හවුල්කාර පාර්ශවයන් එනම්, දුම්කොළ සමාගම් සහ එහි නිලධාරීන්, දුම්කොළ කර්මාන්ත සමග සම්බන්ධතා ඇති ආයතන හා පුද්ගලයන්ගේ තොරතුරු ද මෙම විකි අඩවියෙහි අන්තර්ගතවේ. දුම්කොළ පාලනය සඳහා වන ප්‍රතිපත්ති සැකසීමට හා ක්‍රියාත්මක කිරීමට බලපෑම් එල්ල කිරීම සඳහා සිදුකරන උපායශීලී මැදිහත්වීම්, දුම්කොළ මිල පාලනය හා ඒ හා සම්බන්ධ බදු, දුම්කොළ සමාගම්වල සමාජ ආයෝජන, දුම්කොළ වගාව,අලෙවිකරණය හා ප්‍රචාරණය ආදී තොරතුරු TobaccoUnmasked_Sinhala විකි අඩවියෙන් වාර්තා කෙරේ. මෙයට අමතරව, දුම්කොළ පාලන ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ගවලට එරෙහිව දුම්කොළ සමාගම් විසින් ඉදිරිපත් කරන ලද තර්ක හා ප්‍රතිචාර ද මෙහි වාර්තාකර ඇත.
TobaccoUnmasked_ Sinhala විකි අඩවියෙන් තොරතුරු ලබාගන්නේ කෙලෙසද?ඒ සඳහා ප්‍රධාන ආකාර කීපයකි:
සැ. යු. : මෙහි පුද්ගලයින් පිළිබඳ පිටු පළ කරනු ලබන්නේ FCTC හි 5.3 වන වගන්තිය ක්‍රියාත්මක කිරීමට පහසුකම් සැලසීම සඳහා පමණි. එම පුද්ගලයන්ට හානියක් කිරීම හෝ ඔවුන්ගේ ප්‍රතිරූපයට කැළලක් ඇති කිරීම TobaccoUnmasked කණ්ඩායමේ අරමුණ නොවේ. එක් එක් කාණ්ඩය යටතේ සිටින පුද්ගලයින්ගේ ලැයිස්තුව සම්පුර්ණ නොවන අතර TobaccoUnmasked කණ්ඩායමේ නිරන්තර ගවේෂණාත්මක පර්යේෂණවල සොයා ගැනීම් මත ඒවා පදනම් වේ. පිටු සහ ලැයිස්තු නව සොයාගැනීම් සමඟ නිරන්තරයෙන් යාවත්කාලීන කෙරේ.
නවතම තොරතුරු
තේමාවන්තොරතුරු ලබාගැනීම ප්‍රධාන තේමා වෙත පිවිසෙන්න. හැඳින්වීමඅන්තර්ජාතික හා ජාතික දුම්කොළ පාලන නීති සහ ප්‍රතිපත්ති සම්බන්ධ තොරතුරු හා දුම්කොළ කර්මාන්ත උපක්‍රම පිළිබඳ තොරතුරු ඇතුළත් වේ.
දුම්කොළ කර්මාන්තයදුම්කොළ කර්මාන්තයට ඍජුවම සම්බන්ධ පහත තේමාවන් යටතේ තොරතුරු ඇතුළත් වේ. දුම්කොළ කර්මාන්තවල ක්රියාකාරකම්දුම්කොළ කර්මාන්ත ක්‍රියාකාරකම් සහ උපක්‍රම සම්බන්ධ තොරතුරු පහත තේමාවන් යටතේ ඇතුළත් වේ.
දුම්කොළ කර්මාන්තය විසින් සිදුකරන තර්ක හා ප්රතිචාරදුම්කොළ කර්මාන්තයේ ප්‍රතිචාර සහ ප්‍රතික්‍රියා පිළිබඳ තොරතුරු පහත තේමාවන් යටතේ ඇතුළත් වේ.
දුම්කොළ කර්මාන්තයට සම්බන්ධ ආයතනදුම්කොළ කර්මාන්තය සමඟ කිසියම් හෝ සම්බන්ධයක් ඇති බවට වාර්තා වී ඇති ආයතන හෝ ඔවුන්ගේ නියෝජිතයින් පිළිබඳ තොරතුරු පහත තේමාවන් යටතේ ඇතුළත් වේ.
දුම්කොළ කර්මාන්තයට සම්බන්ධ පුද්ගලයින්දුම්කොළ කර්මාන්තය සමඟ කිසියම් හෝ සම්බන්ධයක් ඇති බවට වාර්තා වී ඇති දේශපාලනඥයන්, රජයේ නිලධාරීන්, ප්‍රසිද්ධ පුද්ගලයින්, විද්වතුන්, පර්යේෂකයින්, වෘත්තිකයන් සහ වෙනත් ජනප්‍රිය පුද්ගලයන් පිළිබඳ තොරතුරු පහත තේමාවන් යටතේ ඇතුළත් වේ.
දුම්කොළ පාලනය කෙරෙහි මැදිහත් වන පුද්ගලයින් හා ආයතනදුම්කොළ පාලන ප්‍රතිපත්ති හෝ ක්‍රියාකාරකම් ප්‍රමාද කිරීමට හෝ දුම්කොළ කර්මාන්තයේ අවශ්‍යතා ප්‍රචාරය කරන ලද, කෙසේ වෙතත් මේ දක්වා දුම්කොළ කර්මාන්තය සමග ඔප්පු කළ සම්බන්ධයක් නොමැති පුද්ගලයින් හා ආයතන පිළිබඳ තොරතුරු ඇතුළත් වේ.
අප ගැනකොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රය (CCT), ශ්‍රී ලංකාවේ හා දකුණු ආසියානු කලාපයේ දුම්කොළ සමාගම්වල ක්‍රියාකාරකම් අධ්‍යයනය කිරීමට පිහිටුවා ඇති කේන්ද්‍රයකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුව (FCTC) (WHO Framework Convention on Tobacco Control) 5.3 වගන්තිය ක්‍රියාත්මක කිරීම මෙහි ප්‍රධානතම පරමාර්ථය වේ. එම 5.3 වගන්තියට අදාලව ශ්‍රී ලංකාවේ හා දකුණු ආසියානු කලාපයේ දුම්කොළ කර්මාන්තයන් මගින් සිදුකරන ක්‍රියාකාරකම් හා මැදිහත්වීම් අධීක්ෂණය කිරීම මෙහි ප්‍රධානතම අරමුණ වේ. මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC Sri Lanka), දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය(NATA) හා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (SLMA) දුම්කොළ, මද්‍යසාර හා නීති විරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥ කමිටුව අපගේ පාර්ශවකරුවන් වේ. මෙම ව්‍යාපෘතිය සඳහා, දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුවේ ලේකම් කාර්යාලය (FCTC Convention Secretariat) හා පෙනහළු රෝග හා ක්ෂය රෝගයට එරෙහි ජාත්‍යන්තර සංගමය (The Union) පූර්ණ අනුග්‍රාහකත්වය ලබාදෙන අතර, එක්සත් රාජධානියේ බාත් විශ්ව විද්‍යාලයේ දුම්කොළ පාලන පර්යේෂණ කණ්ඩායම (Tobacco Control Research Group) හා කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ දුම්කොළ පාලන සහ අධ්‍යයන මධ්‍යස්ථානය (Centre for Tobacco Control Research and Education) තාක්ෂණික දායකතවයෙන් කි‍්‍රයාත්මකවේ. මෙම විකි අඩවිය බාත් විශ්ව විද්‍යාලයේ TobaccoTactics විකි අඩවිය අනුසාරයෙන් ගොඩනැගෙන්නකි.
|
![]() ![]() ![]() ![]()
Partner OrganizationsUseful Links |
මූලාශ‍්‍ර මත පදනම් වූ විද්‍යානුකූල තොරතුරු වාර්තාකරණය
TobaccoUnmasked_Sinhala විකි අඩවියේ පළවන තොරතුරු නිවැරදිභාවය තහවුරු කරගත් මූලාශ‍්‍ර පදනම් කරගනිමින් විද්‍යානුකූලව වාර්තා කර ඇත. වාර්තා කර ඇති තොරතුරුවලට අදාල මූලාශ‍්‍ර සෑම පිටුවක් අවසානයේම දක්වා ඇත. තේමාවන්ට අදාල තොරතුරු සංස්කාරක හා විශ්ලේෂක මඬුල්ලක පරීක්ෂාවෙන් පසු ප‍්‍රකාශයට පත්කර ඇත.
විකි අඩවියේ සටහන් තොරතුරු නැවත පළ කිරීම
TobaccoUnmasked_Sinhala විකි අඩවියේ පළවන තොරතුරු CCT ආයතනයේ කතෘ හිමිකම් නිවැරදිව සඳහන් කර වාණිජමය නොවන අරමුණු සඳහා පළ කළ හැක. කතෘ හිමිකම් - දුම්කොළ කර්මාන්ත පිළිබඳ අධ්‍යයන කේන්ද්‍රය, කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨය, TobaccoUnmasked_Sinhala, 2017 ලෙස සඳහන් කිරීමට කාරුණික වන්න.
ස්තූතිය ප්‍රකාශ කිරීම
TobaccoUnmaked ලිපි සැකසීම සඳහා තොරතුරු සැපයීම වෙනුවෙන් මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ පුස්තකාලයට දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රයේ ස්තූතිය හිමිවේ.
5.3 වගන්තිය උල්ලංඝනය කිරීම් දැනුම්දීම සඳහා දුරකතන අංක
5.3 වගන්තිය උල්ලංඝනය කිරීම් ඇතුළු දුම්කොළ පාලන ප‍්‍රතිපත්ති සඳහා දුම්කොළ කර්මාන්තයෙන් වන බලපෑම් දැනුම්දීම සඳහා පහත සඳහන් දුරකතන අංක විවෘත කර ඇත. (+94) 076 923 3435 සහ (+94) 011 258 1571
අප හා සම්බන්ධ වියහැකි ආකාරය
ඔබ දන්නා තොරතුරු දැනුම්දීමට හෝ නිදහස් වාර්තාකරුවෙකු ලෙස එක්වීමට ඔබට අවස්ථාව ඇත. අපගේ විකි අඩවිය වැඩිදියුණු කිරීම සඳහා ඔබගේ යෝජනා සහ අදහස් tobaccounmasked@gmail.com යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.